(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් පිටකෝට්ටේ මාදිවෙල පාර ක්‍රීඩාංගණයක් අසල සැකකටයුතු ලෙස රැඳී සිටී පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා හොරෙයින් මත්කුඩු සහ මුදල් සමග අද (19 ) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාෂය කියයි
එම සැකකරු සමඟ මත්කුඩු ග්‍රෑම් 11කට අධික ප්‍රමාණයක් සහ මුදලින් රුපියල් 45000 ක් පොලිස් බාරයට ගෙන ඇත .
ඇදිරි නීතිය ට මුවා වී නිතී විරෝධී කටයුතු වල යෙදෙන පුද්ගලයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝ ජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දිවයිනේ පොලිස් ස්ථාන වලට ලබාදුන් උපදෙස් අනුව බස්නාහිර-දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව එහි අධ්‍යක්ෂක පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතාගේ මඟ පෙන්වීම මත සැකකරු අත්අඩංගුවට ලැබුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් .ඒ.එල්. සුමිත් මුණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි .
මත්ද්‍රව්‍ය චෝදනා රැසක් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරයේ සිර දඬුවම් විදින පුද්ගලයෙකු අයත් මත්කුඩු ඔහු ලබා දුන් උපදෙස් මත බොරැල්ලේ සිට කෝට්ටේ ප්‍රදේශයට රැගෙන ආ බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබූ මුදල් කිසියම් පුද්ගලයකුට මත් කුඩු විකුණා ලබාගත් මුදල් බවට සැක කළ හැකි යැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
34 වන වියේ පසුවන සැකකරු කොළඹ නවය කැටවලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම පුද්ගලයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය .
2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2452
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇඳිරිනීතියේදී හොරොයින් ජාවාරමේ නිරත වු අයෙක් අත්ඩංගුවට