( පුෂ්පකුමාර ජයරත්න )
රජය විසින් පනවන ලද පොලිස් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 804 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේවනවිට ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
පාස්කු ඉරිදා දිනයේ එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව එදින (21) සිට අද (28) දිනය දක්වා ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 335 දෙනෙකු කුරුණෑගල පොලිස් කොටිඨාශයෙන්ද , පුද්ගලයන් 360 දෙනෙකු කුලියාපිටිය පොලිස් කොටිඨාශයෙන්ද , පුද්ගලයන් 109 දෙනෙකු නිකවැරටිය පොලිස් කොටිඨාශයෙන්ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ අවස්ථාවෙිදි එම නීතිය නොතකා ගමන් බිමන් ගිය , ප්‍රසිද්ධ ස්ථාන වල මංසන්ධිවල ඇවිදිමින් නිකරුණේ කාලය ගතකළ , වෙළෙඳසැල් විවෘත කර වෙළඳාමෙහි යෙදී සිටි ව්‍යාපාරිකයින් ඇතුඵ පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රටේ සියලුම පුරවැසියන් එම හදිසි නීති රෙගුලාසි වලට යටත්ව කටයුතු කළ යුතු බවද , මෙසේ අත්අඩංගුවට පත් පිරිස එම හදිසි නීති රෙගුලාසි ගණනකට නොගෙන කටයුතු කළ පුද්ගලයන් බව කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට ගත් පිරිස පොලිස් ඇල මත මුදා හැර ඔවුන්ට මහජන ආරක්ෂක පනත යටතේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බවද පෙන්වා දුන් කිත්සිරි ජයලත් මහතා , පනවා ඇති හදිසි නීති රෙගුලාසි කඩකරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩිව ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියම කර ඇති බවද සඳහන් කළේය.
යම් අත්‍යාවශ්‍ය හෝ වෙනත් හදිසි අවශ්‍යතාවයක් ඇත්නම් ඒ සඳහා තම බල ප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානයෙන් අවශ්‍ය හදිසිනීති ගමන් බලපත්‍ර කිසිදු ගැටලුවකින් තොරව ලබාගත හැකි බවද ජයලත් මහතා ප්‍රකාශ කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඇදිරිනීතිය කඩකළ 804ක් කුරුණෑගලින් අත්අඩංගුවට