IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාමයේ නව තෙමහල් ගොඩනැගිල්ල ජනපති අතින් සග සතු කෙරේ


ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරස්ථායේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල සග සතු කොට පූජා කිරීමේ පිංකම  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (17) පැවැත්විණි.
 
විහාරස්ථානයට  ගිය ජනාධිපතිවරයා  පළමුව විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා නිපොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ මහලේකම්, ශ්‍රාස්ත්‍රපති   මීගහතැන්නේ චන්දසිරි නායක හිමිපාණන් වහන්සේ බැහැදැක පිරිකර පූජාකර කෙටි පිළිසදරක නිරත විය.
 
අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව ගොඩනැගිල්ල සග සතු කොට පූජා කළේය.
 
විහාරස්ථානය ගොඩනැංවීමේහිලා පුරෝගාමී වූ  ආදී කර්තෘන්ගේ ජායාරූප වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපතිතුමා එක් විය.
 
 
අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් සහ විහාරස්ථ දායක සභාවේ සාමාජිකයන් සහ ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් පිංකමට එක්ව  සිටියහ.

(36698)



අදහස් (0)

ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාමයේ නව තෙමහල් ගොඩනැගිල්ල ජනපති අතින් සග සතු කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site