IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇතින්නියන් මියයාමේ සිද්ධියට සාධාරණය ඉල්ලා දේව කන්නලව්වක්

(දයාරත්න ඇඹෝගම)
 
හබරණ  හිරිවඩුන්න වැව් ඉස්මත්තේ ඇතින්නියන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා අනුරාධපුර  කදිරේෂන් කෝවිල ඉදිරිපිටදි අද(06) ප්‍රදේශවාසීහු පිරිසක් දේව කන්නලව්වක් පැවැත්වූහ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පිවිතුරු හෙළ උරුමයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක සම්පත් මානවඩු මහතා කියාසිටියේ ඇතින්නියන් ඝාතනය කිරීමට යම්කිසි කණ්ඩායමක් මැදිහත්වී ඇත්නම් ඔවුන්ට නිසි දඬුවම් දෙන ලෙසටත් වන අලි සම්පත ආරක්ෂා කර දෙන ලෙසත් ඉල්ලා දෙවියන් ඉදිරියේ කන්නලව්ව කළ බවය.
 
පැමිණ සිටි පිරිස දේව කන්නලව්වෙන් පසුව දෙවියන් ඉදිරියේ පොල් ගැසීමකද නිරතවූහ.
 
මෙම අවස්ථාවට පිවිතුරු හෙළ උරුමයේ අනුරාධපුර දිස්ත්‍රික් සභාපති ආර්.එම්.ජී.දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

ඇතින්නියන් මියයාමේ සිද්ධියට සාධාරණය ඉල්ලා දේව කන්නලව්වක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32125 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14592 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 50 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 316 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site