IMG-LOGO

ඇටම්පිටිය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට

(විජේරත්න රත්නායක සහ පාලිත ආරියවංශ)
 
හාලිඇල ඇටම්පිටිය වේල්ලෙවෙල ප්‍රදේශයේ ඉදිකෙරුණු ඇටම්පිටිය ජල යෝජනා ක්‍රමය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17)විවෘත කෙරිණි.
 
නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත රුපියල් මිලියන 2240 ක වියදමින් මෙය ඉදිකරන ලදී.
 
හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රතිලාභීන් 15,000 කට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින්  මෙය ඉදිකෙරිණි.  

මෙම ජල යෝජනා ක්‍රමයෙන් හාලිඇල කොට්ඨාසයේ ඇටම්පිටිය, ඌව මහවෙලගම, නෙළුදණ්ඩ, දෙහිවින්න, හින්නාරංගොල්ල, නිළිඅතුගොඩ, කුඩුමහුවෙල, නෙළුව, පල්ලේගම, මාලිගාතැන්න, වෑපස්සාවෙල සහ කටුගහ යන ග්‍රාම නිලධාරී වසම්වල ජල පහසුකම් නොමැති ජනතාවට පානීය ජලය සැපයීමට නියමිතය.
 
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද පුහුල්පොල ජලාශයෙන් ජලය සපයාගන්නා මෙම ව්‍යාපෘතිය පොම්පාගාර, ජල පිරිපහදු කිරීමේ පහසුකම්, ගබඩා ටැංකි හා කිලෝමීටර් 92 ක ජලනල මාර්ගයකින් සමන්විතය. එසේම මෙමඟින් දිනකට ජලය ඝණ මීටර් 3000 ක් පිරිපහදු කිරීමේ හැකියාවක්ද ඇත.
 
මෙම අවස්ථාවට අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, තේනුක විදානගමගේ, ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතීඥ රාජා කොල්ලුරේ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

(ඡායාරූප - පාලිත ආරියවංශ)

 

 

(ඡායාරූප - විජේරත්න රත්නායක)



අදහස් (1)

ඇටම්පිටිය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට

Raveendra Monday, 17 February 2020 11:08 AM

මහා පුදුම වැඩක් නේ... ජනතාවගේම මුදල් වලින්ම හදලා නැවතත් ජනතා අයිතියට පත්කරනවා යන කියමනේ තේරුම කුමක්ද ?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1686 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site