( විනීතා එම් ගමගේ)
ජාඇල- ඒකල පොලිටෙක්ස් කම්හලේ ඉකුත් සිකුරාදා ඇතිවූ හදිසි ගෑස් කාන්දුවට හේතුව එහි සම්පීඩක යන්ත‍්‍රයක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි ලිහිසි තෙල් අධික රත්වීමකට ලක්වීමෙන් ඇතිවූ වායුවක් යැයි හඳුනා ගෙන ඇත.
එය මාරාන්තික හෝ යම් බරපතල තත්ත්වයක් ඇති කරන වායුවක් නොවෙන බව තහවුරු කර ගත් බව කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තිය ස්වස්ථතා අංශයේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් වෛද්‍ය වජිර පලිපාන මහතා පැවැසීය.
එම කම්හලේ අදාල ස්ථානයන්හි කළ ස්ථානිය පරික්ෂාවන් හා විමර්ශනයකින් පසු මේ පිළිබඳ වාර්තාවක් කම්කරු වෘත්තිය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න මහතා වෙත භාර දුන් බවත් අධිකරණයට ද තත්ත්වය වාර්තා කරන බවත් හෙතෙම කියා සිටියේය.
එම ඇඟළුම් කම්හල ලබන සඳුදා යළි විවෘත කිරීමට අවසර දිය හැකි බවට අධිකරණයට වාර්තා කරන බවද වෛද්‍ය වජිර පලිපාන කියා සිටියේය.
කෙසේ වෙතත් මේ වනවිට අදාළ කම්ප්‍රෙෂර් යන්ත‍්‍ර ඉවත්කොට නව යන්ත‍්‍ර සවිකොට ඇති බවත් ඒවායේ වායු ගෙන යන බට සියල්ල පිරිසිදු කර ඇති බවත් ඊයේ (23) එහි කළ නිරීක්ෂණ චාරිකාවේ තහවුරු කරගත් බව හෙතෙම කියා සිටියේය.
2025 නොවැම්බර් මස 04
757
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇඟළුම් කම්හලේ ගෑස් කාන්දුවට හේතුව කාර්මික දෝෂයක්