IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඇඟලුම් කම්හලේ කතගේ ඝාතනයට ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට


 
සිතුම් චතුරංග
          
කිලිනොච්චිය,අරවියල් නගර් ඇඟලූම් කර්මාන්ත ශාලාවේ ආරක්ෂක නිලධාරිනිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම කර්මාන්ත ශාලාවේ තවත් ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.


අදාළ ඝාතනය දෙදෙනා අතර තිබූ අනියම් සබඳතාවක් නිසා සිදුවූවක් බව සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණයවූ බව පොලිසිය කියයි.


මෙලෙස ඝාතනය වූයේ මාන්කුලම , වසන්තිනගර් හි පදිංචි කරුපයියා නිත්‍යකලා නැමති 32 හැවිරිදි එක්දරු මවක් වන අතර ඇය මියයන විට ඇය මාස පහක ගැබිණියක් බව අනාවරණය වී තිබේ.


සැකකරු හා කාන්තාව සමඟ පැවති අනියම් සබඳතාවක් හේතුවෙන් මියගිය කාන්තාව ගැබ්ගෙන සිටි අතර ඒ පිළිබඳ සැකකරුගේ බිරිඳ හා පවුලේ උදවියට හසුවේ යැයි සිතා සැකකරු විසින් පසුගිය (29) දා කිලිනොච්චිය ,පරන්තන්, පන්නන්කණ්ඩි මුරුගවේණි හි වෙල්යායකදී අදාළ ආරක්ෂක අංශ නිලධාරිනිය ගෙල සිරකර ඝාතනය කර තිබේ.


ඝාතනය සිදුවූ ආකාරය සොයා ගැනීමට නොහැකිවනසේ ඇයගේ ඇඳුම් සහ අත්බෑගය වෙනත් ස්ථානයක දමාගිය බව සැකකරු විසින් පොලිසියට පාපොච්චාරණය කර තිබේ.


සැකකරු ආරක්ෂක නිලධාරිනිය ඝාතනය කිරීමෙන් පසුව ඇය පැමිණි යතුරුපැදිය සැකකරුගේ නිවසට රැගෙන ගොස් තිබියදී සොයා ගත් බවද කීය.


අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය විනයාගපුරම් ප‍්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි දෙදෙරු පියකු බව පොලිසිය සඳහන් කරයි.
          



අදහස් (0)

ඇඟලුම් කම්හලේ කතගේ ඝාතනයට ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site