IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ආහාර විස වී වටවල ළමයින් 20 දෙනකු රෝහලේ

 

 

 

රංජිත් රාජපක්ෂ

ආහාර විස වී ආසාද්මිකතාවයක් ඇතිවීම හේතුවෙන් වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ ළමුන් 65 දෙනකුගෙන් ළමුන් 17 දෙනෙකු වටවල රෝහලේත් තවත් ළමුන් තිදෙනකු නාවලපිටිය මුලික රෝහලේත් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වටවල රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරි සනත් පෙරේරා මහතා පැවසීය.

වටවල පොලිස් වසමට අයත් ටෙම්පල්ස්ටො වතුයායේ පදිංචි ළමුන් 160 දෙනකුට එම වතුයායේ පිහිටි රාජ්‍යය නොවන සංවිධානයක් මගින් පවත්වාගෙන යන ආගමික ස්ථානයක් මගින් ලබාදුන් ආහාර විස වී  ආසාත්මිකතාවයක් ඇතිවිම හේතුවෙන් ඊයේ  (5) රාත්‍රී 7 සිට රාත්‍රී 10 පමණ වන තෙක් වයස අවුරුදු 1 සිට 12 දක්වා වයස් කාණ්ඩවල පසුවන ළමුන් 65 දෙනෙකු වමනය, ක්ලාන්තය සහ පාචනය යන රෝග ලක්ෂණ නිසා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරනු ලැබීය.

එසේ ඇතුළත් කළ ළමුන්ගෙන් අසාධ්‍යය තත්ත්වයේ සිටි ළමුන් තිදෙනකු නාවලපිටිය මුලික රෝහලට වෙත මාරුකර  යවා ඇති  අතර තවත් පිරිමි ළමුන් දස දෙනෙකු සහ ගැහැණු ළමුන් හත් දෙනකු වටවල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි  රෝහල් ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (0)

ආහාර විස වී වටවල ළමයින් 20 දෙනකු රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31803 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14254 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11155 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 223 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1162 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 324 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site