IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආලංකුලම - හග්ගමුව ගම්වාසීහු උද්ඝෝෂණයක

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර - ආලංකුලම හග්ගමුව මාර්ගය තාර දමා අළුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලා ගම්වාසින් පිරිසක් අද (08) ආලංකුලම හන්දිය ඉදිරිපිට ගම්වාසිහු පිරිසක් උද්ඝෝෂණයක නිරත වුහ.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් අනුරාධපුර කුරුණෑගල මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිවූ අතර පොලිසිය මැදිහත්වී වෙනත් අතුරු මාර්ග ඔස්සේ වාහන ධාවනය කිරීමට පියවර ගත්තේය.

මෙම මාර්ගය  දැඩි ලෙස අබලන්වීම හේතුවෙන් තමන් මහත් අපහසුවට පත්ව ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.

මෙම මාර්ගය අලුත්වැඩියා නොකිරීම නිසා පවතින අධික දුවිල්ලෙන්  තම දරුවන් රෝගාතුරව සිටින බවත් නිවෙස් වල තමන්ට ජිවත්විය නොහැකි තත්ත්වයක් පවතින බවත් ඔවුහු වැඩි දුරටත් පවසති.

මෙම මාර්ගය අළුත්වැඩියා නොකිරීම සම්බන්ධයෙන් මෙහිදි කරුණු දැක්වූ එම ගම්මානයේ පදිංචි කේ.සුගත් මහතා මෙසේ පැවසීය.

     ‘‘මෙම ප්‍රදේශයේ නිවාස  2000 ක් පමණ පිහිටා තිබෙනවා.මේ මාර්ගය අබලන්විම නිසා විශාල ජනතාවක් මේ වන විට දැඩි අපහසු තාවයට පත්ව සිටිනවා. කොතෙක් ඉල්ලීම කළත් මෙතෙක් විසදුමක් ලැබුනේ නැහැ.

අද මේ පාර හදල දෙන්න කවුරුවත් නැහැ.

නැගෙනහිර නුවරගම් ප්‍රාදේශීය  සභාව කියනවා අපිට මේ පාර අයිති නැ  කියලා. මධ්‍යම නුවර ගම් පළාත ප්‍රාදේශීය සභාවත්  මෙම මාර්ගය ඔවුන්ට අයිති නැහැ කියලා කියනවා. එහනම් මේක කාටද අයිති. ‘‘



අදහස් (0)

ආලංකුලම - හග්ගමුව ගම්වාසීහු උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site