IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීට පාකිස්තානයෙන් ගෞරවාන්විත පදක්කමක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා, පාකිස්තානු  රජය විසින් පිරිනමනු ලබන නිසාන් ඊ ඉමිටියාස්  නම්  හමුදාමය ගෞරවාන්විත  පදක්කමෙන් පිදුම්  ලැබුවේය.

 මේ වන විට පාකිස්තානයේ පැවැත්වෙන ‘අමාන් ජාත්‍යන්තර නාවික අභ්‍යාසය‘  සඳහා සහභාගී වී සිටින විජේගුණරත්න මහතාට  පාකිස්ථානයේ ජනාධිපති අරිෆ් අල්වි  මහතා  විසින් ඉස්ලාමාබාද් නගරයේදී පැවති විශේෂ උත්සවයකදී මෙම පදක්කම් ප්‍රදානය සිදු කරන ලදී.

 
 අද්මිරාල් විජේගුණරත්න 1995 දී පාකිස්ථානයේ කරච්චි විශ්ව විද්‍යාලයෙන් ගෞරව (BSc (Honours) (War Studies)) උපාධිය ලබා ඇති අතර, එය මෙරට හමුදා නිලධාරියෙකු ලද ප්‍රථම උපාධිය ලෙස ඉතිහාසයට එක්ව ඇත.
 
 අද්මිරාල් විජේගුණරත්න මහතා අසමමිතික නාවික සංග්‍රාම හා කුඩා යාත්‍රා මෙහෙයුම් පිළිබඳ විශේෂඥයෙකු වන අතර, නාවික හමුදාවේ කොමාණ්ඩෝ බලකාය ලෙස සලකන විශේෂ යාත්‍රා බලඝණයේ නිර්මාතෘ මෙන්ම එහි ජ්‍යෙෂ්ඨතම නිලධාරියාද වන්නේය.
 
 පාකිස්ථානයේ ලාහෝර්හි පිහිටි යුද පාසලෙහි නිත්‍ය කතිකාචාර්ය වරයෙකුද වන විජේගුණරත්නයන්, යුද බිමේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා අසමමිතික නාවික මෙහෙයුම් පිළිබඳව සිය දේශන පවත්වනු ලබයි.
 
 නිසාන්- ඊ- ඉමිටියාස් නමින්  හැදින්වෙන පදක්කම සුවිශේෂී ජයග්‍රහණයන් උදෙසා එරට සිවිල් පුද්ගලයන් හට පිරිනමනු ලබන ඉහළම අගැයීම් සම්මානය වේ. එම පිදුම සිවිල් පුද්ගලයින් මෙන්ම හමුදා සේවයේ යෙදෙන නිලධාරීන්ට  පවා පිරිනමනු ලබයි.  ඔවුන් එය හමුදා පළඳනාවක් ලෙස තම නිල ඇඳුමෙහි පලඳිනු ලබයි.
 
 අද්මිරාල් විජේගුණරත්නයන් විසින් පිදුම් ලැබූ   නිසාන්-ඊ-ඉමිටියාස්    නමැති හමුදා  පදක්කම, පාකිස්ථානු රජය විසින් පිරිනමනු ලබන්නේ විදේශීය රටවල රාජ්‍ය ප්‍රධානින් හට පමණි. එමෙන්ම ප්‍රශංසනීය හමුදා සේවයකට හිමිකම් කියන ජෙනරාල් (යුද්ධ හමුදා), අද්මිරාල් (නාවික හමුදාව, වෙරළාරක්‍ෂක හෝ මැරීන් බලකාය) සහ එයාර් චීෆ් මාර්ෂල් (ගුවන් හමුදාව) යන නිලයන් සඳහාද පිරිනමනු ඇත.


අතිශයින්ම සීමිත හා ගෞරවාන්විත ප්‍රධානයක් වන  නිසාන්-ඊ-ඉමිටියාස්  නම් හමුදා පදක්කම  ඇමෙරිකා එක්සත් ජනපද රජය විසින් ප්‍රධානය කරනු ලබන ජානාධිපති නිදහස් පදක්කම සහ මහා බ්‍රිතාන්‍ය විසින් පිරිනමනු ලබන (Order of British Empire-UK) යන පදක්කම් වලට දළ වශයෙන් සමානත්වයක් උසුලයි.

(36698)

 

 



අදහස් (0)

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීට පාකිස්තානයෙන් ගෞරවාන්විත පදක්කමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site