IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ආයුර්වේද සම්බාහන කියා ගණිකා ජාවාරම් කළ මධ්‍යස්ථානයක් වටලයි

(කේ බුද්ධික කුමාරසිරි)

මීගොඩ නඩුහේන ප‍්‍රදේශයේ ආයුර්වේද සම්භාහන ආයතන නමින් පවත්වාගෙන ගිය ගණිකාවන් කුලියට ලබාදෙන මධ්‍යස්ථාන දෙකක් වටලා එහි සිටි කාන්තාවන් 8 දෙනෙකු සමඟ කළමණාකාරවරයකු බව කියන පිරිමි පුද්ගලයකු අද (24) සැකපිට අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

අදාළ සම්භාහන ආයතනවල කාන්තාවන් ලිංගික කටයුතු සඳහා මුදලට ලබා දෙන බවට ප‍්‍රදේශවාසීන්ගෙන් හා පොලිස් බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරු මත හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ගත් අධිකරණ නියෝගයකට අනුව පොලිස් උපාය දුතයකු යොදා කාන්තාවක් මුදලට ලබා ගැනීමෙන් පසු පොලිස් නිලධාරීන් විසින් වැටලීම් සිදු කර මොවුන් අත්අඩංගුවට ගනු ලැබිය.

අත්අඩංගුවට ගත් කාන්තාවන් මොනරාගල, බුලත්සිංහල, තිස්සමාහාරාමය,ඇඹිලිපිටිය, රත්නපුර ආදී දුර පළාත්වල පදිංචිකරුවන් වන අතර කොළඹ ප‍්‍රදේශයේ රැකියා කරන බව පවසා මෙලෙස ගණිකාවන් ලෙස කටයුතු කර ඇති  බවත් මෙම සැකකාර කාන්තාවන් වයස අවුරුදු 25 ත් 35ත් අතර වියේ පසුවන බවත් පොලිසිය සඳහන් කරයි.

සැකකරු සහ සැකකාරියන් 8 දෙනා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ආයුර්වේද සම්බාහන කියා ගණිකා ජාවාරම් කළ මධ්‍යස්ථානයක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site