( දයාරත්න ඇඹෝගම)
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන ජීව පතුරම් එකක් සහ රුපියල් 54000ක් වටිනා රන් මාලයක් සමග අද (18) අත්අඩංගුවට ගත්බව ඉපලෝගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
මෙම පුද්ගලයා ඊයේ (17) තවත් පුද්ගලයෙකු සමග යතුරු පැදියකින් පැමිණ කැකිරාවේ සිට යතුරු පැදියකින් සිය දියණිය සමග නිවසට ගමන් ගනිමින් සිටි කාන්තාවකට පිස්තෝලයක් වැනි අවියක් පෙන්වා කලාවැව පැන්නුම අසලදි ඇයගේ ගෙල බැඳි රුපියල් 54000ක් පමණ වටිනා රන් මාලය සොරා ගෙන පලා ගොස් තිබුණි.
පල්ලේගෙදර පත්මිණි කුමාරි තිලකරත්න (37) නැමති මෙම කාන්තාව අවුකන පන්සල පාරේ පදිංචි තැනැත්තියෙකි. ඇය විසින් මංකොල්ලකරුවන් පැමිණි යතුරු පැදියේ අංකය සටහන් කරගෙන ඒ බව පොලිසියට දන්වා තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුගෙන් පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිවසේ සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ගිනිඅවියත්, පතුරමත් කාන්තාවකගෙන් පැහැරගත් රන්මාලයත් සොයා ගෙන තිබුණි. මෙම ගිණිඅවිය සාක්කුවේ දමාගෙන යා හැකි පරිදි කොටට සාදා තිබූ බව පොලිසිය කියයි.
සැකකරු මෙවැනි අපරාධ සහ මංකොල්ලකෑම් 20කට අධික ප්‍රමාණයක් සිදුකර ඇතැයි පොලිසිය කියයි.
වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ඔහු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයට භාරදී තිබේ.
අනෙක් සැකකරුද අත් අඩංගුවට ගැනීමට නියමිතය.
ඉපලෝගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආයුධ සහ රන්මාලයක් සමග සැකකරුවකු අල්ලයි