IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ආයුධ - මත්කුඩු - උණ්ඩ ළඟ තබාගත් අයෙකු යළි රිමාන්ඩ්

(කවිතා සුබසිංහ)

පිහියක්, මත්කුඩු, පිස්තෝල උණ්ඩ ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා බන්ධනාගාර ගතව සිටි අයෙකු ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද(13) නියම කළේය.

මෙසේ බන්ධනාගාර ගතකරන ලෙස නියම වූයේ මොහොමඩ් හුසේන් නැමති සැකකරුවෙකුටය.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා කඩවත පොලිසිය එක්ව ඉකුත් දෙසැම්බර් 30 වැනි දා  කළ වැටලීමක දී කඩවත පොලිස් බල ප්‍රදේශය තුළ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. 
 
හෙරොයින් ග්‍රෑම් 39 මිලි ග්‍රෑම් 860ක්, පිස්තෝල සඳහා භාවිත කරන මිලි මීටර් .38 වර්ගයේ උණ්ඩ 10ක්, අඟල් 9ක් දිග රම්බො පිහියක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

දෙසැම්බර් 31 වැනි දා මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබා දී තිබිණි. නැවත අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී 13 වැනි දා දක්වා සැකකරු රිමාන්ඩ් ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණ.

කඩවත පොලිසියේ පොලිස් සැරයන් 18899 පණ්ඩිතරත්න සහ පොලිස් සැරයන් 33173 බණ්ඩාර යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූහ.



අදහස් (0)

ආයුධ - මත්කුඩු - උණ්ඩ ළඟ තබාගත් අයෙකු යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site