IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආයුධවලින් පහරදී කළමනාකරුවකු ඝාතනය කෙරේ


(සිතුම් චතුරංග)
 
මුහුණු ආවරණය කරගනිමින් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු විසින් කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේදී රක්ෂණ සමාගමක කළමනාකරවරයකු අද(05) තියුණු ආයුධවලින් පහදී ඝාතනය කර ඇති බව කිලිනොච්චිය පොලිසිය කියයි.
 
කළමනාකරවරයා තම නේවාසිකාගාරයෙන් මිතුරකු සමඟ සේවාස්ථානයට යෑම සඳහා යතුරු පැදියකින් පිටත් වූ අවස්ථාවේදී මෙම පහරදීම කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
 
මියගොස් ඇත්තේ කිලිනොච්චිය සමූපකාර රක්ෂණ සමාගමේ  කළමනාකාරවරයා වූ වවුනියාව වේප්පන්කුලම්  පදිංචි කන්දලිංගම් රාමනාදන් නමැති  33 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
 
සැකකරුගෙන් බේරීම සඳහා කළමනාකරු අසළ නිවසකට ගියද එම ස්ථානයේදීද ඔහුට පහරදී ඇති බව පොලිසිය පැවසීය.
 
පහරදීමෙන් බරපතල තුවාල ලබාසිටි කළමනාකරවරයා ප්‍රදේශවාසීන් විසින් කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.   
 
පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම කරන්නට ඇති බවට සැකපළකරන බව පොලිසිය කියයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවටගෙන නොමැත.
 
කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 



අදහස් (0)

ආයුධවලින් පහරදී කළමනාකරුවකු ඝාතනය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site