IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් වැඩ අරඹයි

(ඩයනා උදයංගනී)

           

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද (03) වැඩ බාරගත්තේය.

යුද හමුදාවේ වසර 39ක් සේවය කර ඇති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර යුද හමුදා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියකුද වේ. 

පාකිස්තානු ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් යුද අධ්‍යයන පිළිබදව ප‍්‍රථම උපාධියක් සහ පශ්චාත් උපාධියක් හිමිකරගෙන ඇති රණසිංහ මහතා චීනයේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් යුද සහ දේශපාලන ක‍්‍රමෝපායන් පිළිබඳ උපාධිය ද හිමිකරගෙන ඇත.

සිය සේවා කාලය තුළ යුද ලේකම්, 53 වන සේනාංකාධිපති, ඉංජිනේරු බළකායේ අණදෙන නිළධාරි, කිලිනොච්චි, මුලතිව් සහ බස්නාහිර ආඥාපති, කොළඹ භාර ඒකාබද්ධ ආඥාපති, බෝම්බ නිශ්ක‍්‍රීය අංශයේ අණදෙන නිළධාරි ඇතුළු තනතුරු රාශියක් හොඹවා ඇති ඒ මහතා රණවික‍්‍රම, රණශූර සහ දේශපුත‍්‍ර ඇතුළු සේවා ඇගැයීම් පදක්කම් රාශියක් ද හිමි කරගෙන ඇත.

මීතොටමුල්ල කසළ කන්ද නායයෑම, අරණායක සාමසර කන්ද නායයාම, ගංවතුර ආපදා, කොස්ගම, ශාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව පිපිරීම ආදී ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීමේ කටයුතු සඳහාත් ඔහු විසින් නායකත්වය ලබාදුන්නේය.           



අදහස් (1)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් වැඩ අරඹයි

sampath Friday, 03 January 2020 01:14 PM

අපද ඒ සදහා සුදානම් වීම අවශ්‍යයයි. හැමදාම ගංවතුර, නියගය, නායයාම වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම බෝම්බ පිපිරීම් ආදියත් සිද්ධ උනා. මුලින්ම කළ යුත්තේ විශාල ජනතාවකට ආපදවකදී එක්රැස් විය හැකි ස්ථාන පිහිටුවීමය. ඊලගට තෝරාගත් ස්ථාන කිහිපයක පහසුකම් වෙඩි දියුණු කළ යුතුයි. උදාහරණ තෝරාගත් පාසල් හෝ පන්සල්, මේවායේ විශ්‍රාම ශාලා සෑදිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31928 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14387 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11206 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 12 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 266 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1212 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site