( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සුනාමි පුර්ව අනතුරු දැනුම් දීමේ කුලුනු 77ක් අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුවක් ලබා දීමේදී රජයට රුපියල් දෙකෝටි විසිලක්ෂයක් පාඩු වූ සිද්ධියක් සම්බන්ධයෙන් බරපතල වංචා සෙවීමේ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව අල්ලස් කොමිසම මගින් පියවර ගත යුතු බවට කර ඇති නිර්දේශය බල රහිත කරන ලෙස ඉල්ලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයකු සහ හිටපු අධ්‍යක්ෂකවරයකු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
ලෙනාඩ් මාර්ක් සහ ඒ .නිෂාන්ත යන මහත්වරු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බරපතල වංචා සෙවීමේ ජනාධිපති කොමිසම, එහි සභාපති ඇතුළු සමාජිකයින් සහ අල්ලස් කොමිසමේ සමාජිකයින් නම් කරනු ලැබ ඇත.
පෙත්සමේ මෙසේද සඳහන් වේ.
සුනාමි පුර්ව අනතුරු දැනුම් දීමේ කුලුනු 77 ක් අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දීමේදී ප්‍රතික්ෂේප වූ කොන්ත්‍රාත්කරුට ලබාදීමෙන් රජයට රුපියල් දෙකෝටි විසිලක්ෂයක පාඩුවක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බරපතල වංචා සෙවීමේ ජනාධිපති කොමිසම මගින් පෙත්සම්කරුවන් දෙදෙනා සහ තවත් අයෙකුට එරෙහිව අල්ලස් කොමිසම මගින් පියවර ගත යුතු බවට නිර්දේශ කර ඇත.
එම නිර්දේශය නීතියට පටහැනි බැවින් එය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද අදාළ නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආපදා කළමනාකරණයේ හිටපු අධ්‍යක්ෂ -අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අයිතිවාසිකම් පෙත්සමක්