IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ආධාර කන්ටේනරයක් නාගොඩට

(සිරංගිකා ලොකුකරවිට)

ගංවතුරින් විපතට පත් නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවන් 200ක් සඳහා බෙදා දීමට ආධාර තොගයක් අද (13) හිරියාල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ජගත් මංජුල යාපා මහතා විසින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙත භාර දෙන ලදී.

ගළුකු සමූහ ව්‍යාපාරයේ අධිපතිවරයා වන ජගත් මංජුල මහතා විසින් පවුල් 200ක් සඳහා අවශ්‍ය කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, වියළි ආහාර අඩංගු කන්ටේනර් රථය අද උදෑසන නිදහස් චතුරශ්‍රය අසළ දී අමාත්‍යවරයා වෙත භාර දීමෙන් පසු එය නාගොඩ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යොමු කෙරිණි.

ජගත් මංජුල යාපා මහතා මීට පෙර රත්නපුර හා මාතර දිස්ත්‍රික්කයන්හි විපතට පත්වූවන් සඳහා ද කන්ටේනර් දෙකක භාණ්ඩ තොගයක් යවා තිබිණි.



අදහස් (0)

ආධාර කන්ටේනරයක් නාගොඩට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31377 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13615 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11018 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1034 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site