IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආණමඩුව ප්‍රා. සභාපති ඇතුළු 6කට ඇප

හිරාන් ප්‍රියංකර ජයසිංහ 

                               
ආණමඩු නගරයේ කළහකාරි ලෙස හැසිරී පුද්ගලයකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ආණමඩුව ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු සැකකරුවන්  6 දෙනෙකු සඳහා එක් අයකුට රුපියල් 50,000ක බැගින් ශරීර ඇප දෙක බැගින් නියම කර ඇප මත මුදා හැරීමට ආණමඩුව මහේස්ත්‍රාත් ජනනී එස්. විජේතුංග මහත්මිය අද (16) නියෝග කළාය.


මෙසේ ඇප මත නිදහස් කෙරුණේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රියන්ත රාජකරුණා, සරත් බන්දුල, ජගත් විරසේකර, සුමිත් පුෂ්පකුමාර, ඩබ්ලියු. ඕ.ටී.ජයකොඩි,ජේ.ඒ.සනත් කුමාර යන අයයි.


 සභාපතිවරයා ඇතුළු සැකකරුන් හය දෙනා ඉකුත් 13  දින රාත්‍රියේ  ආණමඩුව නගරයේ  කළහාකාරීව  හැසිරී  එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකුට පහර දුන් බවට ආණමඩුව පොලිසිය ලද පැමිණිල්ලක් මත මෙසේ අත්අඩංගුවට ගෙන ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ආණමඩුව පොලිසිය කටයුතු කර තිබිණි. 


එහිදි අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණමඩුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපාලි රත්නමලල මහතා සමග පොලිස් කොස්තාපල් 24055 අතපත්තු යන මහත්වරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ සැකකාර සභාපතිවරයා ඇතුළු පිරිස අයුතු ජන  රාශීයක් ලෙස රැස්වී පුද්ගලයකුට පහරදීම සහ මන්නයක් සන්තකයේ තබා ගැනිමට චෝදනා ලැබ ඇති බවයි.

 
එසේම නැවත 2019 ජනවාරි 13 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට අදාළ සැකකරුවන්ට මහෙස්ත්‍රාත්වරිය නියෝග කෙරුණි. 



අදහස් (0)

ආණමඩුව ප්‍රා. සභාපති ඇතුළු 6කට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site