IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආණමඩුවේදී පුද්ගලයෙකුට හිමිනමක් ඇතුළු පිරිසක් පහරදෙති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මාර්ගවලට හානි කරමින් බොරළු ඇදීමකට විරුද්ධ වූ අයෙකුට අද (09) හිමිනමක්  ඇතුළු 15 ක පමණ පිරිසකගෙන් පහර කෑමට ලක් වූ අයෙකු ආණමඩුව මූලික රෝහලට ඇතුළත්ව කර ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ කොට්ටුකච්චිය වඩත්ත ප්‍රදේශයේ පදිංචි රංජිත් අතපත්තු නැමති අයෙකි.

පහර දීමට සම්බන්ධ හිමිනම ඇතුළු පිරිස එක්වී සිදුකරන බොරළු ව්‍යාපාරයක් නිසා වඩත්ත සියඹලාගස්වැව මාර්ගයට හානි වන බවට පවසමින් පහර කෑමට ලක් වූ තැනැත්තා එම මාර්ගයට හානි කරමින් බොරළු ඇදීමට විරෝධය පල කිරීමත් සමඟ මෙම ගැටුම ඇති වී ඇත.

පහර කෑමට ලක් වූ තැනැත්තා ආණමඩුව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ බොරළු ඇදීමේන් හානි වූ මාර්ගය ජංගම දුරකතනයෙන් ඡායාරූප කිපයක් ගනිමින් සිටියදී පහර දීමට සම්බන්ධ හිමිනම තමන්ට පරුෂ වචනයෙන් බැන වැදි පහර දීම කළ බවයි.

ඉන් පසුව එම ස්ථානයට පැමිණි හිමිනමගේ හිතවතුන් 15 දෙනෙකු පමණ අමානුෂීක ලෙස තමන්ට පහර දුන් බව ඔහු පොලිසිය ප්‍රකාශ කර තිබේ.

පහර දීමට සම්බන්ධ කිසිඳු සැකකරුවකු ආණමඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමක් සිදුකර නැති බව ද වාර්තා වෙයි.                  



අදහස් (2)

ආණමඩුවේදී පුද්ගලයෙකුට හිමිනමක් ඇතුළු පිරිසක් පහරදෙති

දිමුත් Thursday, 10 October 2019 04:19 AM

අසාධාරණයට එරෙහිව කතාකරන මිනිස්සුන්ට ඔහොම වෙනවා.

:       0       0

Dayan Thursday, 10 October 2019 04:19 AM

මහජනයා වෙනුවෙන් අවංකව පෙනී සිටින අයට වර්තමානයේ සිදුවන්නේ මේදේ තමයි. පොලිසිය මේවා ගැන බලන්නේ නැත්තේ මොකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site