IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආණමඩුමේදී ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ අයෙක් මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව ආඩිගම නගරයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී බරපතල තුවාල ලබා සිටි එක් අයෙකු අද (08) මරණයට පත්ව තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව ආණමඩුව පොලිසිය පැවසීය.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පන්නල පදිංචි එක් දරු පියකු වු සුනෙත් පුංචිහේවා නැමති 33 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

මරණයට පත් වූ පුද්ගලයා සහ පහර කෑමට ලක්වී රෝහල් ගතව සිටින පිරිස ආඩිගම නගරයේ ඊයේ (07) රාත්‍රීයේ රැඳී සිට ඇති අතර එහි පැමිණි පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අතර වචන හුවමාරුවක් සිදුව ඇති බවත් ඉන් පසුව පොලු මුගුරු වලින් එම පිරිසට පහර දීම සිදුකර ඇති බව කියයි.

පහර කෑමට ලක්වි රෝහල් ගතවී සිටින සුපුන් හේමන්ත මහතා පවසා සිටියේ මෙවැන්නකී.

     “අපි කට්ටිය ආඩිගම නගරයේදී ඉද්දී එකපාරම මේ කට්ටිය ඇවිත් අපිත් එක්ක වචන හුවමාරුවක් වුණා.දෙපැත්තම බැන ගත්තා පස්සේ පොලු අරන් ඇවිත් තිරිසන් විදිහට අපිට ගැහුවා. සුනෙත් අයියා බිම වැටිලා කෑගහද්දිත් එයාට පොලු වලින් ගැහුවා.යැයි ඔහු පැවසිය.

පහර දිමට සම්බන්ධ එක් සැකකරුවකු ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.



අදහස් (0)

ආණමඩුමේදී ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site