IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


අහසට වෙඩි තැබූ ව්‍යාපාරිකයා-සගයා අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 


දඩගමුව ප්‍රදේශයේ අවන්හලක් අසල දී ගිනි අවියකින් අහසට වෙඩි තබා  ජනතාව භීතියට පත්කළ බව කියන ව්‍යාපාරිකයකු හා සගයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කලගෙඩිහේන කුරුදුවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු හා ඔහු සමඟ පැමිණි බව කියන පුද්ගලයකු බව පොලිසිය කියයි.

මෙම ව්‍යාපාරිකයා නවීන පන්නයේ රියකින් අවන්හල අසලට පැමිණ මිලි මිටර් නවයේ ගිනි අවියකින් අහසට වෙඩි 8 ක් තබා ඇති බව මුලික පොලිස්  පරීක්ෂනයේ දී හෙළි වී ඇත.

සිද්ධිය පිළිබඳව පැමිණිල්ල ලද පසු ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරුවන්  දෙදෙනා මිලි මීටර් නවයේ ගිනි අවිය ජීව උණ්ඩ  දෙකක් හිස්කොපු 8 ක් සමඟ ව්‍යාපාරිකයා පැමිණි බව කියන නවීන පන්නයේ රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ගිනි අවියේ අංකය අපහැදිලි බව කියන පොලිසිය එය ව්‍යාපාරිකයාට ලැබුණු  ආකාරය හෙළිකර ගැනිමට ද පියවර ගන්නා බව පොලිසිය පවසයි.

සැකකරුවන් අද (27) අත්තනගල්ල අධිකරණයට  ඉදිරිපත්  කිරීමට නියමිතය.



අදහස් (0)

අහසට වෙඩි තැබූ ව්‍යාපාරිකයා-සගයා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site