(තිලකරත්න දිසානායක)
පාතාලයට අවි සැපයීමේ ජාවාරම්කරුවන් බවට සැක කෙරෙන යුද හමුදාවේ හිටපු සෙබළුන් දෙදෙනෙකු ඇතුළු තවත් අයෙකු පිස්තෝලයක් සහ උණ්ඩ සමඟ ගම්පහ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
මිනුවන්ගොඩ නුදුරු ප්‍රදේශයක වෙසෙන පුද්ගලයෙකු සතුව ගිනි අවියක් සහ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට පොලීසිය ලැබුණා තොරතුරක් අනුව යුද හමුදාවෙහි සේවය කළ ආබාධිත තත්ත්වයෙන් පසුවන 42 හැවිරිදි අයෙකු අත් අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව ඔහුගේ නිවෙසෙහි තිබී මිලි මීටර් 7 . 65 ප්‍රමාණයේ පිස්තෝලයක් සහ ඊට යොදන ජීව උණ්ඩ පහක්ද සමග අත් බෝම්බයක අනුරූවක් සොයා ගත් බව පොලීසිය පවසයි.
සැකකරු ගෙන් ප්‍රශ්ණ කිරීමෙන් පසුව ඔහුගේ සගයින් දෙදෙනෙකු බිංගිරිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති අතර අවුරුදු 35 වයසේ පසුවන මොවුන් දෙදෙනා ගෙන් අයෙකුද යුධ හමුදා වෙහි සිට ඇති අයෙකු බවත් හෙලිව තිබේ.
මොවුන් පිස්තෝලයක් සහ උණ්ඩ මෙලෙස ළඟ තබා ගෙන සිටීම පාතාලයට අවි සැපයීමක් බවට සැක කරන පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරයි.
ගම්පහ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී සේනාපති සිල්වා මහතාගේ සහ ගම්පහ මුලස්ථාන පුලුන් පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතා ගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ධර්මසුරිය මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂක සංගීත් ,උප පොලිස් පරීක්ෂකවරුන් වන ආරියවංශ සහ ඖෂධ යන නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අවි ජාවාරම්කරුවන් බවට සැකපිට යුද හමුදා සෙබළුන් දෙදෙනකු ඇතුළු අයෙක් අත්අඩංගුවට