(ඩයනා උදයංගනී)
පසුගිය වසර පහ තුළ අලි මිනිස් ගැටුම හේතුවෙන් පුද්ගලයින් 375කගේ සහ අලි ඇතුන් 1,177කගේ ජීවිත අහිමි වී ඇතැයි සම කැබිනට් ප‍්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
මෙම කාලය තුළ දේපල හානි සිදුවීම් 5,800ක් පමණ වාර්තා වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
වර්තමානයේ උග‍්‍ර ගැටලූවක් බවට පත්ව ඇති අලි මිනිස් ගැටුම විසඳීම සඳහා රජයේ අවදානය යොමු වී ඇති බව කී ඇමැතිවරයා ඒ අනුව වන අලි තර්ජන ඇති බවට අලූතින් හඳුනාගත් ප‍්‍රදේශවල කිලෝමීටර 2,651ක් වන විදුලි වැටක් ඉදිකිරීමටත්, මේ වන විට ස්ථාපිත කර ඇති කිලෝමීටර 4,343ක දිගකින් යුත් විදුලි වැටේ අක‍්‍රිය ස්ථාන සම්බන්ධ කිරීමට හා ඒවායේ ආරක්‍ෂාව හා නඩත්තුව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සඳහා මානව සම්පත් පහසුකම් වැඩිකිරීමටත් නියමිත බව ද අමාත්‍යවරයා කීවේය.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලි-මිනිස් ගැටුම් වලින් වසර පහක දී 375 ක් මරුට