IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අලි පන්නන්න ගිය වනජීවි නිලධාරීන්ට අයෙක් පහරදීලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
ගම් වැදුණු වන අලි පලවා හැරීමේ නිරතව සිටි වන ජීවි නිලධාරීන් පිරිසකට පුද්ගලයකු අද(3)දින අලුයම පහර දී ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.
 
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ නවගත්තේගම වන ජීවි  අඩවි ආරක්ෂක කාර්යාලයේ රියදුරු වන බී.එම්. එස් .කේ. බාලසුරිය හා කේෂත්‍ර සහායක හිරාන් අනුරුද්ධ බණ්ඩාර නැමති දෙදෙනෙකී.
 
මොවුන් දෙදෙනා නවගත්තේගම ග්‍රාමීය රෝහලේ  ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව පොලිසිය පවසයි.
 
වන ජීවි නිලධාරීන් දෙදෙනා සමඟ තවත් පිරිසක් ගම්වැදුණු වන අලි පලවාහැරීමේ යෙදී සිටියදී, නවගත්තේගම, බෝගස්වැව පෙදෙසෙහිදී බීමතින් පැමිනි අයෙකු ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් බහින්බස් වී පහරදී ඇතැයි පොලිසිය පවසයි.
 
පහර දීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කර ඇති බව නවගත්තේගම පොලිසිය කියයි.



අදහස් (0)

අලි පන්නන්න ගිය වනජීවි නිලධාරීන්ට අයෙක් පහරදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site