IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අල්ලස් ගත් බන්ධනාගාර නියාමකවරයාට 24 වසරක සිරදඬුවම්

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
සුදු බීඩී ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට රුපියල් 5,000/-ක අල්ලසක් ගැනීමේ චෝදනාවට වරදකරු වු තංගල්ල සුරාබදු නියාමකවරයාට වසර 24 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම සිරදඬුවම වසර 8ක කාලයකින් ගෙවී යන අන්දමට ක‍්‍රියාත්මක කරන්නැයි නියම කළේය.

විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 24,000/-ක දඩයකට ද  ඔහු යටත් කළ විනිසුරුවරයා විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 5,000/-ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.

සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින් ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්‍යක්‍ෂ නීතීඥ රුවනි වික‍්‍රමසිංහ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.

චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ තංගල්ල සුරාබදු නියාමක කාර්යාලයට අනුයුක්තව සුරාබදු නියාමකවරයා ලෙස රාජකාරි කළ නිලන්ත සිසිරකුමාර මද්දුම පටබැඳි නමැත්තාටය.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එක් චෝදනාවකට වසර 03 බැගින් චෝදනා 08 සඳහා වසර 24ක සිරදඬුවම් නියම කර එම සිරදඬුවම් කාලය වසර 08කින් ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක කිරීමට නියම කළේය.



අදහස් (2)

අල්ලස් ගත් බන්ධනාගාර නියාමකවරයාට 24 වසරක සිරදඬුවම්

raheem Tuesday, 22 January 2019 12:26 PM

අල්ලස් අරගෙන තියෙන්නේ සුරාබදු නියාමකවරයෙක්.

:       0       0

ප්‍රදීප් Tuesday, 22 January 2019 10:18 PM

කවුරු වැරදි කලත් දඬුවම් ලැබෙනවා නම් මිනිස්සු හැදෙයි නමුත් කුඩු තොගයක් ඇල්ලුවහම වසර කීයද දඬුවම? වසර 5 ද?

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site