(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගලයෙකුගෙන් රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබාගත් බව කියන අනුරාධපුරය පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අද (05) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නඩු මෙහෙයුම් අංශයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
නිවසක දේපලවලට අලාභ හානි කරන ලද වගඋත්තරකරුවකුට එරෙහිව තිබෙන චෝදනා වෙනස් කර ඔහුට විරුද්ධ චෝදනා නගා ඇති පැමිණිලිකරු සමඟ සමතයකට පත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර දෙන බව පවසමින් මෙම මුදල් ඉල්ලා තිබූ බව පොලිස් අධිකාරීවරයා පැවසීය.
සැකකාර කොස්තාපල්වරු දෙදෙනා එම මුදල අනුරාධපුර ප්‍රදේශයේදී වග උත්තරකරුගෙන් ලබා ගනිද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අල්ලස් ගත් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට