(ක. ග. කරුණාරත්න)
මැදිරිගිරිය, නව නගරය ගැමුණුපුර ප්‍රදේශයේදී වන අලියකු පහරදීමෙන් අද(31) පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ නව නගරය ගැමුණුපුර පදිංචි 69 හැවිරිදි එම්. බී. රංජිත් හේමපාල නමැති සත් දරු පියෙකි.
එම පුද්ගලයා නිවෙසින් බැහැරට යද්දී ගෙවත්තේ රැඳී සිටි අලියකු පහරදී ඇති බව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.
මැදිරිගිරිය පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අලියකු පහර දී අයෙක් මරුට