(තුසිත කුමාර ද සිල්වා)
අලූත්ගම ප‍්‍රදේශයේ, මිනිස් පරිභෝජනයට නුසුදුසූ ආහාර අලෙවිය සඳහා තබා තිබූ වෙළඳසැල් 13කටනඩු පැවරීමට කටයුතු කළ බව කලුතර ප‍්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්. ජී. සිංහබාහු මහතා පැවසීය.
වෙළඳසැල් 25 ක් පූර්ණ පරීක්‍ෂාවට ලක්කර ඇති අතර ශීතකරනවල අමු මස් සමග පිසු ආහාර ගබඩා කිරීම, මැස්සන්ට සහ දුහුවිල්ලට නිරාවරණය වන පරිදි පිසු ආහාර විකිණීම, කල්ඉකුත් වූ සහ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිය සඳහා ගබඩා කර තැබීම යන වැරදි හේතුවෙන් ඔවුන්ට නඩු පවරා තිබේ.
අලූත්ගම සහ බේරුවල නගර ආවරණය කර ගනිමින් මෙහෙයුම කළ බව වැටලීමට එක් වු මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක් පැවසීය.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් වන මහේෂ් කරුණාතිලක, වරුණ පෙරේරා, ප‍්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්.ජි.සිංහබාහු, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් වන එච්.ඩී.සී. රෝහණ, මුදිත අමරසිංහ, ජී.ඩි.ටී. පෙරේරා ඇතුඵ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු 25 දෙනෙක් වැටලීමට එක්වුහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අලුත්ගම වෙළඳසැල් 13කට නඩු