IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අරුවක්කාලු කසල දුගඳ සේරක්කුලිය කළඹයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අරුවක්කාලු කසල අංගනයේ කසළ වලින් ඒ ආසන්නයේ පිහිටි සේරක්කුලිය ගම්වාසින්ට වාසය කල නොහැකි තරමට අධික දුගඳක් හමා යාමත් සමග 200 කට ආසන්න පිරිසක් අද (28) දින වනාතවිල්ලුව පොලිසියට පැමිණ පැමිණිලි කිරීමත් සමග උණුසුම් තත්වයක් මතුව තිබුණි.

අරුවක්කාලු කසල අංගනයෙන් දින ගණනාවක් පුරා පවතින අධික දුගඳ ඉවසා ගත නොහැකිව මෙසේ පොලිසියට පැමිණිලි කිරීමට ගම්වාසීන් කටයුතු කර තිබුණි.

ජනතාව පවසන්නේ හමා එන දුගඳ හේතුවෙන් දරුවන් සහ වැඩිහිටියන්ට නිවෙස් තුල වාසය කිරීමට පවා නොහැකි තත්වයක් මතුව ඇති බවත් මේ හේතුව නිසා දරුවන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වෙමින් ඇති බවයි.

 එසේම මැසි මදුරු වසංගතයද උග්‍රවී ඇත්තේ කිසිඳු කාලයක නොමැති ලෙස බව කියයි.

පොලීසියට පැමිණි පිරිස් ඔවුන්ගේ දුක් ගැනවිල්ල පැමිණිලි කිරීමට යාමේදි පොලිසිය එය නොහැකි බව පැවසීමත් සමග උණුසුම් තත්වයක් පොලිස් ස්ථානය තුළ මතුව තිබුණි.

පසුව වනාතවිල්ලුව මීසම් පාලක ක්‍රිස්ටි ප්‍රනාන්දු පියතුමන් මැදිහත් වි ජනතාවට පැමිණිලි දැමීමට අවස්ථාව සලසා දී තිබුණි.

මෙහිදි දරුවන්ද පැමිණ සිටි මව්වරුන් ඔසවා ගනිමින්  හඬාවැටෙමින් පවසා සිටියේ අදවන විට තම ගම්මාන අතහැර දමායාමට සිදුව ඇති බවත් කසළ දැමීම ආරම්භ කර මාස කීපයක් යන විට තත්වය මෙසේ නම් ඉදිරියෙදී තමන්ට මේ ගම්බිම් වල රැඳීමට හැකියාවක් නොමැති බවත් විද්‍යානුකූල කසල රැඳවුම් බව පෙන්වා මුදල් ගසාකමින් අරුවක්කාලු අංගනය දුගඳ හමන කසල වලින් පුරවමින් සිටින බවට ඔවුහු චෝදනා කරන්නට වූහ.



අදහස් (2)

අරුවක්කාලු කසල දුගඳ සේරක්කුලිය කළඹයි

Sunil Sunday, 29 September 2019 01:25 AM

අරුවක්කාලු විතරක් නෙමේ මේ රජය මුලු රටම ගඳ ගස්සලා ඉවරයි.

:       0       0

Kumar Sunday, 29 September 2019 01:33 AM

මම ඉන්න රටේ කසල අංගනවල දුගඳ හමන නිසා දිනපතා කසල පස් වලින් වසා දමනවා. ඊලග දිනයේ කසල තැන්පත් කරන්නේ ඒ පස් තට්ටුව මතයි. මොනවා කරන්නද ලංකාවේ සෑම දෙයක්ම කෙරෙන්නේ දෙකෙන් පන්ගුවටනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site