IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


අරුවක්කාඩු විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පියතුමන්ට ඇප

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනාතවිල්ලුව කසල රඳවනයට ජනතාව සමඟ එක්වී විරෝධතාවයේ නිරත වූ සේරක්කුලිය ක්‍රිස්ටි පෙරේරා පියතුමන් වනාතවිල්ලුව පොලිසිය අද (13) අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස්  කිරීමට පුත්තලම මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා නියෝග කළේය.

පසුගිය 9 වැනි දින පියතුමන් හා ජනතාව එක්ව දැනට වනාතවිල්ලුව සේරක්කුලිය ගම්මානය ආසන්නයේ අරුවක්කාඩු ප්‍රදේශයේ ඉදි කරමින් පවතින සනීපාරක්ෂක කසල රඳවනයට විරෝධය දක්වා සේරක්කුලිය කළපු තීරයේ සිට අදාල භූමියට පැමිණ විරෝධතාවයේ නිරත වූහ.

අදාල සිද්ධියේදී ජනතාව එක් රැස් කරමින් රජය සතු ව්‍යපෘතියකට කඩා වැදී දේපොළ වලට හානි කිරීමේ චෝදනාවට අදාලව පියතුමන්ව අද (13) අත්අඩංගුවට ගෙන තිබුණී.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව වනාතවිල්ලුව පොලිසිය පියතුමන්ව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.

පියතුමන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී තවත් පියතුමන්ලා හය දෙනෙකු අධිකරණ ශාලාවේ සිටි ඇති අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ නද්වි නවාවි මහතා ඇතුළු නීතිඥයින් 10 කට ආසන්න පිරිසක් පියතුමන් වෙනුවෙන් පෙනි සිටියේය.

අරුවක්කාඩු විරෝධයට වනාතවිල්ලුව පොලිසිය  ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයකු , ප්‍රදේශවාසියකු සහ සේරක්කුලිය මුස්ලිම් දේවස්ථානයේ භාරකරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඉන එක් අයෙකුට ලක්ෂ දෙක බැගින් ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පියතුමන්ව අධිකරණයට ඉදිරිපත් කිරීම අප්‍රසිද්ධව සිදු කිරීමට පොලිසිය කටයුතු කර ඇති බව අරුවක්කාඩු කසල රඳවනයට විරෝධය දක්වන  කණ්ඩායම පවසති.

කෙසේ නමුත් මේ වන විට කසල රඳවනයේ වැඩ කටයුතු සාමන්‍ය ආකාරයෙන් සිදුවේ.



අදහස් (0)

අරුවක්කාඩු විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පියතුමන්ට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31830 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14291 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11166 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 232 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1170 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 333 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site