IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අරුවක්කාඩු කසල ව්‍යාපෘතියට විරෝධය පා කල්පිටියේ උපවාසයක්

(පද්මා කුමාරී කංකානම්ගේ )

වනාත විල්ලුව අරුවක්කාඩුව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කසල බැහැර කිරීමේ ව්‍යාපෘතියට විරෝධය දැක්වීම පිණිස කල්පිටිය සියලු ආගමික නායකයින් ප්‍රමුඛ සිවිල් සංවිධාන එකතුව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර ඇත.

කල්පිටිය ඒකාබද්ධ සිවිල් සංවිධාන එකතුවේ සභාපති සහ කල්පිටිය සංචාරක සංවිධානයේ ලේකම් අබ්දුල් මලික් මහතා පැවසූයේ දැනට ඉදිවෙමින් පවතින කසල අංගනය පිහිටා ඇත්තේ අරුවක්කාඩුවේ සිට කිලෝ මීටර 7ක් දුරින් පිහිටි සේරක්කුළියේ බවත් කල්පිටියේ සිට කළපුව ඔස්සේ සේරක්කුලියට කිලෝ මීටර තුනකට ආසන්න දුරක්  පවතින බවත් ය.

ඒ හේතුවෙන් මෙම ව්‍යාපෘතියේ සියලු දුර්විපාක කල්පිටියේ කෘෂිකර්මාන්තයට ධීවර කර්මාන්තයට සහ සියලු ආර්ථික කටයුතු සඳහා බලපාන බව මලික් මහතා පවසයි.

අදාළ ව්‍යාපෘතිය මෙම ස්ථානයෙන් ඉවත් කර ගන්නා මෙන් රජයෙන් ඉල්ලා සිටින බව පවසන ඒ මහතා කල්පිටියේ සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම දක්වා මෙම ගැටලුව රැගෙනයාමට ක්‍රියා කරන බව ද පැවසුවේ ය.

මෙම අවස්ථාවට ප්‍රදේශවාසී ජනතාව සහ සිවිල් සංවිධාන නියෝජිතවරු රැසක් සහභාගී වූහ.



අදහස් (0)

අරුවක්කාඩු කසල ව්‍යාපෘතියට විරෝධය පා කල්පිටියේ උපවාසයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site