IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා පුත්තලමේ කළු කොඩි ඔසවති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා පුත්තලම නගරයේ කළු කොඩි දමා දින තුනක් ‘‘කළු දිනය‘‘ ලෙස නම් කර පුත්තලම නගරයේ විරෝධතාවයක් අද (14 ) ආරම්භ කෙරිණි.

පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානය සමඟ ප්‍රදේශයේ ජනතාව එක්ව පුත්තලම නගරය පුරා කළු කොඩි ප්‍රදර්ශනය කරමින් ඉදිවෙමින් පවතින අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පළ කර වැඩසහටන් කිහිපයක් සංවිධානය  කර තිබුණි.

පුත්තලම නගරයේ සහ වාහන වල කළු කොඩි ප්‍රදර්ශණය කර තිබීමද දැක ගත හැකිවිණි.පුත්තලම කලපු තීරයේදී සියලුම ආගමික නායකයින් එක්ව ජනතාව දැනුවත් කිරීමක්ද සිදුවිණි.

අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා ඉස්ලාම් බැතිමතුන් ආහාර වර්ජීතව සිටිමින් උපවාසයේ යෙදී සිටි අතර නැවත සවස ඔවුන් ආහාර ලබා ගත්හ.

හෙට (15) පුත්තලම නගරයේ සියලුම වෙළඳසැල් වසාදමා හර්තාල් ව්‍යාපාරයක් සිදුකරන බව පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.



අදහස් (0)

අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා පුත්තලමේ කළු කොඩි ඔසවති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site