IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අරුවක්කාඩු කසල අංගනයට එරෙහිව පැවැති විරෝධතාවය අතරතුර ගුටි කෙළියක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පළ කරමින් පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානය දින තුනක්  “ කළු දිනය‘‘ ලෙස නම් කරමින් නගරය පුරා කළු කොඩි ඔසවා කසල අංගනයට විරෝධය පා අද (15) නගරයේ සියළුම වෙළද සැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි.

පුත්තලම කලපු තීරයට විශාල ජනතාවක් එකරාශී කරගනිමින් විරෝධතා රැළියක් පැවැත්වුයේ දේශපාලන පක්ෂ රැසකට ආරාධනා කරමින් බව පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානයේ ප්‍රකාශකයෙකු පැවැසීය.

එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබන ජනතා නියෝජිතයකු මෙම රැළියට සහභාගි නොවුන අතර එයට සංවිධායකයින්ගෙන් දැඩි විරෝධයක්  එල්ල විය.

සමස්ථ ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආබ්දින් ඒහියා මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විවේචනය වන අයුරින් සභාව ඇමතීමට පටන් ගැනීමත් සමඟ මුස්ලිම් කොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් ආබ්දින් ඒහියා මහතාට විරෝධය එල්ල කළහ.

එහිදී හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා වේදිකාවෙන් බැස දේශපාලඥයින්ට වෙන් කර තිබූ ස්ථානයට පැමිණීමත් සමඟ තත්වය දරුණු වන්නට විය.

මෙම තත්වය අතරතුරදී දෙපිරිස අතර ගුටි බැට හුවමාරුවක්ද ඇතිව තිබූ අතර සමස්ථ ලංකා මුස්ලිම් කෙංග්‍රසයේ අධාරකුරුවකුට පහර දිමේන් ඔහු ගේ නාසයෙන් ලේ වහනය වීමත් සමඟ තත්ක්වය උණුසුම් විය .

මෙම සිද්ධියෙන් පසුව රැළියට එක් වූ පසු පිරිස අරුවක්කාඩු කසල අංගනයට  විරෝධය පා පුත්තලම නගරය හරහා ගමන් කිරීමේන් අනතුරුව නැවත කලපු තීරයට පැමිණ නිවෙස් බලා පිටත්ව ගියහ.



අදහස් (0)

අරුවක්කාඩු කසල අංගනයට එරෙහිව පැවැති විරෝධතාවය අතරතුර ගුටි කෙළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site