IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අරණායක ප්‍රා.සභාව උණුසුම් වෙයි

                                                                                                           
( සමන් විජය බණ්ඩාර)


කෑගල්ල දිස්ත‍්‍රික්කයේ දුප්පත්ම ප‍්‍රාදේශීය සභාවක් වන අරණායක ප‍්‍රාදේශීය සභාවට නව සේවකයන් 19 දෙනෙකු බඳවා ගැනීමට කර තිබූ යෝජනාවකට විරෝධතාවය දක්වමින් එම ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂය වන පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරු ඊට විරෝධතාවය පළ කරමින් මන්ත‍්‍රීවරුන්ගේ මහා සභා රැස්වීම පැවැත්වෙන අතරවාරයේදී සභා ගර්භයෙන් අද (16)  පිටව ගියහ.


අරණායක ප‍්‍රාදේශීය සභාවේ සභාපති එජාපයේ නිහාල් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහා සභා රැස්විම අරණායක ප‍්‍රාදේශීය සභාවේ සභා ගර්භයේදී පැවැත්විණි. 


එහිදී හෝරා කිහිපයක් සභා ගර්බයේ මන්ත‍්‍රීවරුන් සියලු දෙනා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අදහස් දක්වමින් අරණායක කලාපයේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් විවිධ සංවර්ධන යෝජනා සාකච්ඡා කළහ.  එදින සභා වාර්තාවේ යෝජනාවක් හැටියට ඉදිරිපත් කර තිබූ කොන්ත‍්‍රාත් පදනම මත සේවකයන් 19 දෙනෙකු අරණායක ප‍්‍රාදේශීය සභාවට බඳවා ගැනීමට විරුද්ධව විපක්ෂය විසින් දිගින් දිගටම සභාවට අදහස් දැක්වූහ.


පසුව එම අදහස් දැක්විම් වලින් පසුව සභාවෙන් පිටවි ගිය පොදුජන පෙරමුණේ විපක්ෂ නායක ඩබ්ලිව් ජයරත්න මහතා ඇතුලූ මන්ත‍්‍රීවරුන් 15 දෙනා එම සභාවට ගොඩ වන පඩි පෙළක අසුන් ගෙන නිහඩ විරෝධතාවයකින් පසුව පිටව යන විට විපක්ෂ නායක ඩබ්ලිව් ජයරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වන මෙසේ පැවසීය.


අද අපේ ප‍්‍රාදේශීය සභාවේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර තිබුණා සේවකයන් 19 දෙනෙක් කොන්ත‍්‍රාත් පදනම මත බඳවා ගන්නවා කියලා.

අරණායක ප‍්‍රාදේශීය සභාව කියලා කියන්නේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ තිබෙන දුප්පත්ම ප‍්‍රාදේශිය සභාව සේවකයන් 19 දෙනෙක් බඳවා ගත හොත් වසරකට ලක්ෂ 19 කට වැඩි මුදලක් අරණායක ආසනයේ ජනතාවගේ බදු මුදල් වලින් පඩි ගෙවන්න සිද්ධ වෙනවා. 


එපමණ මුදලක් ගෙවන්න මෙ ආසනයේ බදු මුදල් වලින් ආදායමක් ලැබෙනවාද කියලා ලොකු ගැටලූවක් තිබෙනවා. ඒ වාගේම මෙ බඳවා ගැනිම සම්පුර්ණයෙන් නිතී විරෝධිව මයි සිදු වෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අනුමැතියක් නොමැතිව ආණ්ඩුකාරතුමිය කිවා කියලා පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම්තුමා ප‍්‍රකාශ කරා කියලා තමයි මෙම බඳවා ගැනිම සිදු වෙන්නේ.

අපි මේ සඳහා දැඩි සේ විරෝධතාවය පෙළ කරනවා.

 



අදහස් (0)

අරණායක ප්‍රා.සභාව උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site