IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අයි. ඕ.සී ඉන්ධන අලෙවිය සියයට 75කින් පහළට

(ඩයනා උදයංගනී)

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි. ඕ.සී) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වඩා වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීම හේතුවෙන් එහි ඉන්ධන අලෙවිය සියයට 75කින් පමණ පහළ බැස ඇති බව එම සමාගමේ පිරවුම්හල් හිමියන් අනාවරණය කර තිබේ.

ඒ හේතුවෙන් තම ඉන්ධන පිරවුම්හල් වසා දැමීමට සිදුවන තත්ත්වයක් මතුවී ඇති බැවින් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා එකම මිලට ඉන්ධන අලෙවි කරන ක‍්‍රමවේදයක් ඇතිකරන්නැයි ඔවුන් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙහි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මහත්මිය අද (24) හමුවී මෙම ඉල්ලීම කර ඇත.

මේ වන විට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන අලෙවි කරනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වඩා රුපියල් 8ක් පමණ වැඩි මිලකට වන අතර ඒ හේතුවෙන් තම පිරවුම්හල් වෙත පැමිණෙන පාරිභෝගිකයින් සංඛ්‍යාව අඩුවී ඇතැයි ඔවුන් මෙහිදී නියෝජ්‍ය ඇමතිවරියට පවසා ඇත.

මේ හේතුවෙන් එම සමාගම යටතේ සේවය කරන 4000ක පමණ සේවක පිරිසක් දැඩි මූල්‍ය පරිහානියකට පත්ව ඇති බවත්, තම ව්‍යාපාරයට බැංකුවලින් ණය ලබාදීම පවා සීමාවී ඇති බවත් ඔවුන් පවසා තිබේ.

මෙම ක‍්‍රියා කලාපය හරහා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම හා ශ්‍රී ලංකා රජය අතර 2003 වසරේදී ඇතිකරගත් ගිවිසුම හා 2008 සංශෝධිත ගිවිසුම ද උල්ලංඝනය වෙමින් පවතින බව ඔවුන් පවසා ඇත.

ඔවුන් මෙම තත්ත්වය මගහැරවීම සඳහා යෝජනා මාලාවක් ද නියෝජ්‍ය අමාත්‍යවරිය වෙත භාරදුන් බව නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ප‍්‍රධානීන් සහ මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර මෙම ගැටලූවට විසඳුමක් ලබාදීමට උත්සාහ කරන බව මෙහිදී අනෝමා ගමගේ මහත්මිය පිරවුම්හල් හිමියන්ට පොරොන්දු වී ඇත.

 

 

 



අදහස් (3)

අයි. ඕ.සී ඉන්ධන අලෙවිය සියයට 75කින් පහළට

Ratnamalala Friday, 25 January 2019 12:11 AM

ඉන්දියන් තෙල් සමාගම පාඩු ලැබුවට අපට අමාරුවක් නැහැ. මෙයාලට රට දාල යන තැනට පත්කරන්න සියලු වාහන වලට ලංකා තෙල්ම පාවිච්චි කරමු.

:       0       1

lankaputha Friday, 25 January 2019 04:31 AM

සේවකයන් කොහොමද ආර්ථික දුෂ්කරතාවයන්ට පත්වන්නේ? පඩි ගෙවල නැද්ද? හොරකමට ඉඩ නැද්ද?

:       0       1

SAGA Friday, 25 January 2019 05:12 AM

මිල 2 ක් මොකද එකම ඉන්දන වර්ගයකට. පලකයෝ ඉන්දියාවට බයද අපිව උන්ට සුරකන්න දීල තියෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site