IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අඹු සැමි යුවළ ඝාතනයට සැකපිට අයෙක් අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස)
 
ගලේවෙල දේවහුව කී ඇල ප්‍රදේශයේ අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කොට පලා ගිය සැකකරුවෙකු  අද(19) දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි.
 
 මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගිය කාන්තාවගේ සහෝදරයකු බවද ඝාතන   සදහා යොදාගත්   බවට සැකකරන ගිනි අවියක් ඝාතනය සඳහා යොදාගත් පිහියක්   දේවහුව ප්‍රදේශයේ ඇළක සඟවා තිබියදී සොයාගත් බවද පොලිසිය කියයි .
 
 ඉඩම් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකළ බව සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළි වී යැයි ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකනිලංග ප්‍රනාන්දු මහතා පැවසිය . 
 
 පසුගියදා තම සහෝදරිය සහ සහෝදරියගේ සැමියා කපා කොටා වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු වූ ගිනි අවිය සහ   පිහිය ඇලකට දමා තමන් කොළඹ ප්‍රදේශයේ සැඟවී සිටි බව   ප්‍රශ්න කිරීමේදී සැකකරු ප්‍රකාශ කොට තිබේ.
 
 මෙසේ මියගොස් ඇත්තේ    කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරියෙකු වන ගාමිණී සුරවීර (53)  සහ ඔහුගේ බිරිද කෘෂි ආශ්‍රිත නිෂ්පාදන රැසක්  නිෂ්පාදනය කොට  මධ්‍යම පළාතේ දිරිය කාන්තාවට හිමි සම්මානය හිමිකරගත් අනුලා සුරවීර (51)  යන යුවළයි .
 
 දින ගණනාවක් තිස්සේ ලැබුණු තොරතුරු අනුව ගලේවෙල පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීහු කණ්ඩායම් කිහිපයක් අංශ ගණනාවකින් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව මෙම අපරාධය පිළිබඳව අනාවරණය කරගෙන ඇත.

සැකකරු සහ ගිනි අවි ගලේවෙල පොලිසියට  රැගෙන විත්  තවදුරටත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව 20 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ගලේවෙල පොලිසිය කියයි.

මෙම ඝාතනය පිටුපස තවත් පිරිසක් සිටින්නට ඇති බවට පොලීසිය සැකකරයි.සිද්දිය පිළිබධව ගලේවෙල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි .



අදහස් (0)

අඹු සැමි යුවළ ඝාතනයට සැකපිට අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site