(ඩී.ජී.සුගතපාල)
වෙඩි තබා අඹුසැමි යුවළක් ඝාතනය කිරිම සම්බන්ධයෙන් වරදකරුවු විත්තිකරුවෙකුට දකුණු පළාත් බද මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිස්සංක මහතා අද (04) මරණිය දණ්ඩනය නියම කළේය.
මෙසේ මරණිය දණ්ඩණය නියම වූයේ අලුත්දූව හේවගේ විජිත ගුණරත්න නමැති 34 හැවිරිදි විත්තිකරුවෙකුටය.
උඩුගම පොලිස් වසමේ උඩලමත්තේදි 2012 ජනවාරි 10 වැනි දින දිනයාදුර සුමිත් ද සිල්වා සහ විරක්කොඩි මල්ලිකාද සිල්වා යන දරුවන් දෙදෙනෙකුගේ මව්පියන් වන අඹුසැමි යුවලට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාලු මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.
මෙම නඩුව සම්පුර්ණයෙන්ම පරිවේෂණය සාක්ෂි මත මෙහෙයවන ලදි.
විත්තිකරු හා ඝාතනයට ලක්වු යුවළ මිතුරන් වන බවත් ඔවුන් රාත්‍රි කාලයේ දඩයමේ යන බවත් එදින රාත්‍රියේද මියගිය සුමිත් යන අය සහ විත්තිකරු දඩයමේ ගොස් ඇති බවත් නඩුවේදි අනාවරණය වී තිබේ.
පසුදින උදෑසන ඔවුන් පදිංචි නිවසට මිටර් සියක් දුරින් නාකියදෙණිය වතුයායේ බණ්ඩිහේන කොටසේ වෙඩිවැදි මියගොස් සිටි බිරිඳගේ මළ සිරුර හමුවි ඇති අතර එම ස්ථානයට තවත් මීටර් දෙසියක් පමණ දුරින් තිබි සැමියාගේ මළ සිරුද සොයාගෙන ඇත.
රිඳගේ මළ සිරුර අසළ තිබි හිස් පතරොම් කොපුවක් හා සෙරෙප්පුවක්ද සොයාගෙන ඇති අතර නිල සුනඛයා සෙරෙප්පුවේ ඉව ඔස්සේ සැමියා මියගොස් සිටි ස්ථානයට ගොස් පසුව විත්තිකරුගේ නිවසට ගොස් ඇත.
ඒ අනුව සැකපිට විත්තිකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරිමේදි ඝාතනයන්ට යොදාගත් ගිනි අවියද සොයාගෙන ඇත.
රජයේ රස පරික්ෂකවරයා තහවුරු කර ඇත්තේ මියගිය කාන්තාවගේ සිරුර අසළ තිබියදි සොයාගත් පතරොම් කොපුව මෙම ගිනි අවියෙන් නිකුත් කළ එකක් බවටය. එයට අමතරව සිරුරේ තිබි හමුවු මූණිස්සම්ද එම පතරොමෙන් පිටවු ඒවා බවටද සනාථ කර ඇත.
තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසරුවරයා කියා සිටියේ පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවය.
රජයේ අධි නිතිඥ පත්මාල් විරසිංහද සිල්වා මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදි.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
915
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
626
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අඹු සැමි යුවළක් ඝාතනය කළ අයෙක්ට මරණ දඩුවම්