IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


අම්පාරේ පවුල් සෞඛ්‍ය සේවිකාවෝ උද්ඝෝෂණයක

(නවරත්න සමරතුංග)


අම්පාර පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ අවිධිමත් ස්ථානමරු කිරීම වහාම නතර කරන ලෙස හා තවත් ඉල්ලීම් කිපයක් මුල් කරගෙන අද (25) අම්පාර රෝහල් මාවතේදී පවුල් සෞඛ්‍ය සේවිකාවෝ  පිරිසක් උද්ඝෝෂණයක නිරතවුහ.


අම්පාර, දියතලාව, දෙහිඅත්තකණ්ඩිය, උහුන ලාහුගල සහ පොතුවිල් ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී බලප්‍රදේශවල පවුල් සෞඛ්‍ය සේවිකාවෝ මෙම අසාධාරණයට ලක්ව සිටිති.


පසුගිය වසරේ සකස් කළ චක්‍ර ලේඛයකට අනුව පිළිගත් ප්‍රතිපත්තියක් නැතිව මාරු මණ්ඩල රැස් නොකරමින් ස්ථාන මාරුවීම් අවිධිමත්ව ක්‍රියාත්මක කිරීමට එරෙහිව සිය ඉල්ලීම් පාඨ සඳහන් පොස්ටර් ප්‍රදර්ශනය කරමින් ඔව්හු උද්ඝෝෂණය කළහ.


ක්ෂේත්‍ර සේවිකාවන්ව ලබා දුන් යතුරු පැදි ලබාදීම කාර්යාල දීමනාව ලබාදීම සහ අතිකාල දිමනා වැඩි කරන ලෙස හා තවත් ඉල්ලීම් කීපයක් පෙරදැරිකරගෙන ඔවුහු කෑමොර ගැසූහ.


සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සංගමයමගින්  සංවිධානය කළ මෙම උද්ඝෝෂණය පැයක පමණ කාලයක් පැවැත්වු ඔහුන් විසිර ගියහ.

 

 



අදහස් (0)

අම්පාරේ පවුල් සෞඛ්‍ය සේවිකාවෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31722 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14181 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11132 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 206 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site