IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අම්පාර දිසාපතිගේ ස්ථාන මරුවට විරෝධය පා කළු පටි බැඳ සේවයට


 
 
වසන්ත චන්ද්‍රපාල
 
අම්පාර දිසාපතිවරයා ස්ථාන මාරු කිරිමට සුදානමක් පවතින අතර එයට විරෝධය පෑම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල සේවකයින් කළු පටි බැද සේවය කරනු ලැබීය. අම්පාර දිසාපති කාර්යාලය ඉදිරිපිට කළු කොඩි වලින් සරසා තිබිණි.


දේශපාලඥයින්ගේ දේශපාලන අවශ්‍යතාවයන් ඉටු නොකිරීම නිසා දිසාපතිවරයා ඇතුළු අම්පාර නගරයේ රාජ්‍ය ආයතන කිපයකම ප්‍රධාන නිලයන් හොබවන පුද්ගලයින් ස්ථාන මාරු කිරීමේ සැලසුමක් ඇති බවද රාජ්‍ය සේවකයින් චෝදනා කරති.


ඊයේ මෙම කළු පටි බැදීමේ කාර්යය අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයින්ගේ එකමුතුව විසින් සංවිධානය කර තිබිණි.


මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය සේවා පරිපාලන සේවා සංගමයේ අම්පාර ශාඛාවේ ලේකම් තිළිණ වික්‍රමරත්න මහතා මෙසේ පැවසීය.
අම්පාර දිසාපති ලෙස කටයුතු කරන තුසිත පි වනිගසිංහ මහතා අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය සේවකයින්ගේ හිත දිනාගෙන වැඩ කරන නිලධාරියෙක් ඒ වගේම පොදු ජන සේවාවලදි එතුමා සියලු ජන කොටස් සමඟ එක්ව කටයුතු කරා මෑත  කාලයේදී අපට අහන්න ලැබුණා. දේශපාලන හේතු මත එතුමා ස්ථාන මාරු කිරිමට සුදානම් වෙන බව.

විශේෂයෙන්ම එතුමා ස්ථාන මාරු කිරිමට උපක්‍රමයක් භාවිතා කරනවා ස්ථාන මාරු කිරිමට පෙර එතුමා විසින්ම ස්ථාන මාරැවක් ඉල්ල ගෙන යන විදියට තමයි වැඩ කටයුතු සුදානම් කරන්න හදන්නේ එයින් පැහැදිලි කරන්න හදන්නේ මේ ස්ථාන මාරුව දේශපාලන ස්ථාන මාරුවක් නෙවෙයි දිසාපතිවරයා විසින් ස්ව කැමැත්තෙන් යන විදියට පෙන්වන්න හදනවා. ඒ උපක්‍රමය පිළිබඳව අපි සියලු තොරතුරු ලබාගෙන තියෙනවා.


අපි රජයේ පරිපාලන නිලධාරින්ගේ සංගමය විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා අපි මේ වෙන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කර තිබෙනවා. ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුවී ඔවුන් හරහා මැදිහත් වීමක් ලබා ගන්න අප උත්සහ කරා. ඒ උත්සහයන් සියල්ල සාර්ථකයි.


අපේ අරමුණ වන්නේ පුද්ගලයෙක් රැක ගැනීම නෙවෙයි. මෙතුමා ගියත් මෙම ස්ථානයට දිසාපතිවරයෙක් පැමිණෙනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙක් තමයි පැමිණෙන්නේ ඒ අයටත් මේ අකාරයට ගියොත් තම රාජකාරිය කරන්න බැරිවෙනවා. පරිපාලන සේවයේ මෙන්ම සමස්ත රාජ්‍ය සේවයේම ගෞරවය මෙවැනි දේවල් නිසා නැති වෙනවා ඒක නිසා අපි මේකට නිවැරදි විසඳුමක් ලැබෙන තුරු අඛණ්ඩව විවිධ විරෝධතා පවත්වන්න කටයුතු කරනවා.



අදහස් (0)

අම්පාර දිසාපතිගේ ස්ථාන මරුවට විරෝධය පා කළු පටි බැඳ සේවයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site