බිඟුන් මේනක ගමගේ
දේශීය කර්මාන්තකරුවන්ට ලබාදීමේ අරමුණෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය රාජ්‍ය ආයතනවලින් අබලි ද්‍රව්‍ය මිලදීගැනීමේ කටයුතු ඇණහිට ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවසීය.
ආණ්ඩු මාරුවෙන් පසු ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයෙන් ඉවත් කර වෙළෙඳ පාරිභෝගික සමූපකාර සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය යටතට පැවරීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇතැයි එම නිලධාරියා කීය.
රාජ්‍ය ආයතනවලින් අබලි ද්‍රව්‍ය මිලදී ගැනීම හා විකිණීම සිදුවන්නේ අබලි ද්‍රව්‍ය කළමනාකරණ කමිටුව යටතේ යැයි ද අමාත්‍යංශ වෙනසින් පසුව කමිටුව රැස්කිරීමේ අපහසුතාවයක් හටගෙන ඇති බැවින් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද එම නිලධාරියා කීය.
මෙම තත්ත්වය නිසා සහන මිලට අබලි ද්‍රව්‍ය මිලදී ගැනීමට අපහසුවීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින්නේ යැයි දේශීය කර්මාන්තකරුවෝ මැසිවිලි නගති.
ශ්‍රී ලංකා යුද හමුදාව අබලි ද්‍රව්‍ය ලබාගන්නා එක් මූලාශ්‍රයක් වන අතර එසේ යුද හමුදාවෙන් 2015, 2016,2017 හා වසරවල හා 2018 සැප්තැම්බර් දක්වා අබලි ද්‍රව්‍ය ලබාගැනීම් සටහන් ලේඛන හා ඒවා අළෙවි කරනු ලබන කර්මාන්තකරුවන්ගේ නාම ලේඛනය හා අළෙවි ක්‍රමවේදය, (විවෘත ටෙන්ඩර්ද යන්න), විකුණුම් ඉන්වොයිසි ආදිය තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටීමට ‘ලංකාදීප’ කටයුතු කළ නමුත් මෙම අබලි ද්‍රව්‍ය කළමනාකරණ කමිටුව රැස්කිරීමට ඇති අපහසුතාව නිසා තොරතුරු ලබාදීම පමා වන බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දන්වා ඇත.
2025 දෙසැම්බර් මස 18
325
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමාත්‍යංශ මාරුවෙන් අබලි ද්‍රව්‍ය මිලදීගන්නන් අමාරුවේ