IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


අපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුහු පංති වර්ජනයක

(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යායතනයේ සිසුන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (04) පංති වර්ජනය කර උද්ඝෝෂණයක නිරතවූහ.
 
විද්‍යායතනය තුළ සිසුන්ට ඉගෙන ගැනීමට ඉඩ පහසුකම් නොමැතිවීම,උපාධිය වෙනුවට ඩිප්ලෝමාවක් ලබාදීමට විරෝධය පළ කරමින් ඔවුහු මෙසේ පංති වර්ජනය කරමින් උද්ඝෝෂණයේ නිරතවුහ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යායතනයේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ සභාපති ඉමේෂ් බණ්ඩාරනායක සිසුවා මෙසේ පැවසීය.
 
‘‘මෙම ආයතනයේ සිසුන් 850 ක් අධ්‍යාපනය ලබනවා. එහෙත් ප්‍රමාණවත් තරම් ගොඩනැගිලි පහසකම නැහැ. මහපොළ ශිෂ්‍යධාර නැහැ.නේවාසික පහසුකම් නැහැ.අපට මුලින් කිවුවේ උපාධියක් දෙනවා කියලා.දැන් දෙන්න යන්නේ ඩිප්ලෝමාවක්.
 
එම නිසා අපට සාධාරණයක් ඉටුවණ තෙක්  පංති වර්ජනය කරනවා. ඒ වාගේම හෙට (05) අපි අඛණ්ඩ උපවාසයක් කරනවා.  
 
කුලියාපිටිය, බටන්ගල, රත්මලාන, මාතර සහ යාපනයේ විශ්වවිද්‍යාල විද්‍යායතනවල සිසුන්ද මේ ඉල්ලීම් දිනාගැනීම සඳහා පංති වර්ජනයේ නිරත වන බවද‘‘ ඔහු පැවසීය.



අදහස් (0)

අපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුහු පංති වර්ජනයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32368 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14876 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 378 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1306 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site