IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අ’පුර පාසලක විදුහල්පතිවරයකු ඩෙස් පුටු ගන්න මුදල් එකතු කළැයි චෝදනාවක්


 
 
(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර පාසලක තුන්වැනි ශ්‍රේණියේ සිසු දරුවන් 38 දෙනෙකු සඳහා ඩෙස් පුටු මිලදී ගැනීමට විදුහල්පතිවරයා විසින් එක් දෙමාපියකුගෙන් රුපියල් 5000 බැගින් මුදල් එකතු කර ඇතැයි ගුරු සංගම් චෝදනා කරති.


මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ ලේකම් රුවන් සිරි හේරත් යන මහත්වරු විසින් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ අනුරාධපුර කලාප අධ්‍යක්ෂකවරුන්ට ද ලිඛිතව පැමිණිලි කර තිබේ.


ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.


අනුරාධපුර විදුහලක විදුහල්පතිවරයා තුන්වැනි ශ්‍රේණියේ දරුවන් සඳහා ඩෙස්,පුටු මිලදි ගැනිමට සිසුන් 38 දෙනෙකුගේ දෙමාපියන් එක් අයකු ගෙන් රුපියල් 5000 බැගින් මුදලක් ලබා ගෙන තිබෙනවා.මේ සම්බන්ධයෙන් දෙමාපියන්ද කලාප අධ්‍යක්ෂකවරයාට පැමිණිලි කර තිබෙනවා.


සෘජුව හෝ වක්‍ර ආකාරයට පාසල් දරුවන් ගෙන් මුදල් අය කිරිම නීතිවිරෝධියි. එසේ මුදල් අය නොකර ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2015 දී චක්‍ර ලේඛයක් පවා නිකුත් කර තිබෙනවා.


අනෙක් කාරණය පාසලක ඩෙස්,පුටු හිඟයක් තියෙනවා නම් එම අඩුපාඩු වාර්ෂික සංවර්ධන සැලසුමට ඇතුළත් කරන්න ඕනෑ. ඩී.එස්.සේනානායක විදුහලේ විදුහල්පතිවරයා විසින් එවැනි ක්‍රියාමාර්ගයක් අරන් නැහැ.


දිගින් දිගටම අයථා පරිදි මුදල් එකතු කිරිම,වංචනික ක්‍රියා පිළිබදව ඩී.එස්.සේනානායක විදුහලේ විදුහල්පතිවරයාට දෙමාපියන්ගෙන් චෝදනා එල්ලවී තිබෙනවා. එම නිසා ඔහු එම විද්‍යාලයෙන් ඉවත් කර විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස බලධාරින් ගෙන් ඉල්ලා සිටිනවා.


මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන් කළ විමසුමකදී මෙසේ පැවසීය.


තුන්වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා තිබෙන්නේ රවුම් මේස. රවුම් මේස වටා වාඩි වී දරුවන් අධ්‍යයනය කටයුතු කරන අවස්ථාවලදී එකිනෙකා කොපි කරන බව දෙමාපියන් පවසා සිටියා. එම නිසා දරුවන්ට වෙන වෙනම ඩෙස් පුටු ලබා දෙන්න දෙමාපියන් ගෙන්ම යෝජනාවක් ආවා.


අපට මුදල් එකතු කිරිම තහනම්. ඒ නිසා දෙමාපියන්ට කැමති තිරණයක් ගන්න මම ඉඩ දුන්නා.අපි මුදල් ඉල්ලලත් නැහැ. මුදල් අර ගෙනත් නැහැ.පාසලේ පවතින ඩෙස් පුටු හිඟය පිළිබ ඳව තමන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුවත් කර ඇති බවද හෙතෙම මෙහිදි පැවසීය.



අදහස් (0)

අ’පුර පාසලක විදුහල්පතිවරයකු ඩෙස් පුටු ගන්න මුදල් එකතු කළැයි චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site