IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


‘අ’පුරේ පිරිපහදු කළ ජලය ප්‍රවාහනය කරන්නන්ගේ ප්‍රමිතියක් නෑ’


 
 
මනුල වික්‍රම
 
අනුරාධපුර නගරය හා අවට පිරිපහදු කළ ජලය ලෙස ප්‍රවාහනය කර විකුණනන්නේ    කිසිදු ප්‍රමිතියක් නොමැතිව අජිනෝමොටෝ නැමති රස කාරකය යොදා නැවුම්  රසය දැනෙන පරිදි සැකසු ව්‍යාජ ජලය බවට මහ නගර සභාව අනාවරණය කර ගෙන තිබේ.


උතුරුමැද පළාතේ වර්තමානයේ භූගගත ජලය කිවුල් වීමත් වකුගඩු ආසාධනය නිසාත් ජනතාව සම්පූර්ණයෙන්ම පාහේ භාවිතා කරන්නේ ප්‍රති ආශ්‍රැතික ජල පෙරණ මගින් පිරිපහදු කළ ජලයයි. 


නාගරිකව සේම ග්‍රාමීයව ද ප්‍රති ආශ්‍රැති ජල පෙරණ පොදුවේත් පෞද්ගලිකවත් පවත්වාගෙන යන අතර නගරබද කුඩා ලොරි රථවලින් නිවෙස්වලට ජලය රැගෙන ගොස් බෙදාහරින වෙළඳ පිරිසක් සිටීයි.


මෙම අය බෙදා හරින ජලය පිළිබඳ ලැබුණු පැමිණිලි රැසක් සැළකිල්ලට ගත් අනුරාධපුර නගරාධිපති එච්.පී.සෝමදාස මහතා නගරයේ පානීය ජලය බෙදාහරින ව්‍යාපාරිකයින් රැස් කළේය.


මෙහි දී සැබෑ ලෙසම ජලය පිරිපහදුවට ලක්කර ප්‍රමිතියෙන් බෙදාහරින වෙළඳුන් ඔවුන්ට ලද තොරතුරු හෙළි කළහ.


එහිදී වැව් ජලය හා ළිං ජලය පිරිපහදු කර රසකාරක  යොදා නැවුම් රසය ජනනය වන පරිදි විකුණන අයුරු ඔවුහු පැහැදිලි කළහ.


එමෙන්ම ජලසම්පාදන මණ්ඩලයේ අනුමැතිය ඇති බවට සහතික කර ඇතැයි ජල වෙළඳුන් ප්‍රචාරය කරගෙන ගියද ඔවුන් එක්වරක් පමණක් ජල සාම්පලය පරීක්ෂා කර වාර්තාවක් ලබාගන්නවා මිස  අඛණ්ඩ පරීක්ෂාවක් නොවන බව නගරාධිපතිවරයාට මහජන සෞඛ්‍ය පරික්ෂකයින් වාර්තාකර තිබේ.



අදහස් (0)

‘අ’පුරේ පිරිපහදු කළ ජලය ප්‍රවාහනය කරන්නන්ගේ ප්‍රමිතියක් නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31770 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14227 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11146 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 214 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1151 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 320 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site