(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර නගරයේ පානීය ජල අවශ්‍යතාව අඛණ්ඩව සැපයීම සඳහා ජල මට්ටම පහත වැටී ඇති අනුරාධපුර නුවර වැවට මහවැලි ජලය නිකුත් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර නුවර වැවේ ජල මට්ටම පහත යෑමෙන් නගරයට ජලය සැපයීමේදී බාධාවන් සිදු වන බවට සැලවීමෙන් පසුව ඒ පිළිබඳව සොයා බැලීමට අනුරාධපුර නුවර වැවෙහි නිරීක්ෂණ චාරිකාවක අද (30) නිරත වීමෙන් අනතුරුවය.
පවතින වියළි කාළගුණයත් සමගින් අනුරාධපුර නුවර වැවේ ජල මට්ටම පහළ යාමත් සමගින් අනුරාධපුර නගරයේ පානීය ජල අවශ්‍යතාව අඛණ්ඩව සපුරාලීමට මෙන්ම නුවර වැව ජලාශය යටතේ සිදු කරන වගාවන්ට ජලය සැපයීමට බාධාවක් වී ඇත.
මාස කිපයක් පුරා සැළකිය යුතු වර්ෂාපතනයක් නොලැබී යාමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබෙන සියළු ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතින අතර, මේ වන විට අනුරාධපුර ප්‍රදේශ රැසකට ජල සම්පාදන මණ්ඩලය හරහා පානීය ජලය සැපයිමේ අර්බුද මතුවී ඇත. ඇතැම් ප්‍රදේශවල ළිං පවා සිදී ගොස් ඇති අතර, රජය බවුසර් මගින් ජල හිඟය පවතින ප්‍රදේශයන්ට ජලය සපයනු ලබයි.
නියගය හේතුවෙන් මේ වන විට අනුරාධපුර නගරයේ හා තදාසන්න ප්‍රදේශවල පුද්ගලයන් පනස්දහසකට අධික පිරිසක් ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටිති.
නුවර වැව ජලාශය හරහා අඛණ්ඩව ජලය සැපයීමට නම් මහවැලි ජලය නුවර වැවට ගෙන ඒම සිදු කළ යුතුයැයි නිළධාරීන් අමාත්‍යයවරයා දැනුවත් කළ අතර, ඒ සඳහා කඩිනම් පියවර ගන්නා බව අමාත්‍යයවරයා මෙහිදි පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික් වාරීමාර්ග අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා , ජාතික ජල සම්පාදන මණ්ඩලයේ අනුරාධපුර දිස්ත්‍රික් කළමණාකරු චමින්ද ලොකුබරණ යන මහත්වරුන් ඇතුළු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක්ද මේ අවස්ථාවට එක්වුහ.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අ’පුරේ නුවර වැවට මහවැලි ජලය නිකුත් කරන්න යයි