IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අ‘පුර ගිලන් රථ සේවකයෝ වැඩ වරති

(දයාරත්න ඇඹෝගම)

මේ වන විට ස්ථාන මාරුවීම් ලබා සිටින ගිලන් රථ රියදුරන්ගේ ස්ථාන මාරුවීම් වහාම අවලංගු කරන ලෙස ඉල්ලමින්  අනුරාධපුර පළාත්  සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ  ගිලන් රථ රියදුරෝ අද (04)   වැඩ වර්ජනයක් ඇරැඹුහ.

අනුරාධපුර පිහිටි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ඉදිරිපිට   ඔවුහු මෙසේ උද්ඝෝෂණයේ නිරතව සිටිති.

සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ගිලන් රථ රියදුරන් පිරිසක් පසුගිය 31 වැනි දින සිට පළාතේ වෙනත් දෙපාර්තමේන්තුවලට ස්ථාන මාරු කර තිබේ.

මිට විරෝධය දක්වමින් මෙම රියදුරන් ගෙන් දස දෙනෙකු පසුගිය 31 වැනි දින සිට අනුරාධපුර පිහිටි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ වහලය මත මේ දක්වාම උපවාසයේ නිරතව සිටිති.

මිට අමතරව තවත් රියදුරන් පිරිසක් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය මත ඉදිකළ අට්ටාලයක නැග අද (04)දින සිට මාරන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

මිට බලධාරින්ගේ අවධානය යොමු නොවු බව පවසමින් අනුරාධපුර දිස්ත්‍රිකයේ ගිලන් රථ රියදුරන් ඇතුළු රියදුරන් 168 දෙනෙකුද  අද (04 )දින සිට වැඩ වර්ජනයකද නිරතව සිටිති.



අදහස් (0)

අ‘පුර ගිලන් රථ සේවකයෝ වැඩ වරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site