IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අ’පුර කුඹුරු අක්කර 2000ක් කීඩෑ උවදුරෙන් විනාශයි


 (දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර තුරුවිල සහ නාච්චාදුව යන ප්‍රදේශවල වගා කළ කුඹුරු අක්කර 2000කට අධික ගොයම කීඩෑවන් විසින් විනාශ කිරීම නිසා මෙවර මහ කන්නයේ බලාපොරොත්තු වූ වී අස්වැන්න අහිමි වී ඇතැයි ගොවීහු පවසති.
 
ගොයම කිරි වදින අවධියේදී කීඩෑවන්ගෙන් ගොයමට හානිවීම නිසා  ගොයම් ගස විනාශ වී ඇට බොල්වී ඇති බව ඔවුහු කියති.
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු තුරුවිල මහසෙන් ගොවි සංවිධානයේ සභාපති එස්.ආරියදාස මහතා මෙසේ පැවසීය.
 
“මේ කිඩෑ උවදුර සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුවත් කළා. ඔවුන්ගේ උපදෙස් මත විවිධ රසායනික ද්‍රව්‍ය යෙදුවත් කීඩෑ හානිය අවම කරගන්නට බැරිවුණා. සමහර කුඹුරුවලින් වී ඇටයක අස්වැන්නක් නැහැ.
 
ලංකාවේ බොහෝ ගොවි ජනපදවල ගොවීන් මෙම කීඩෑ හානිය නිසා අසරණ භාවයට පත්ව සිටිනවා. පසුගිය යල කන්නයේත් කීඩෑ උවදුර නිසා ගොවියන්ට විශාල හානියක් සිද්ධ වුනා. සිදු වූ හානි සඳහා වන්දි ලබාදීමට කෘෂි පර්යේෂණ නිලධාරීන් ගොවීන්ගේ විස්තර ලබා ගෙන  තිබුණත් මේ වනතෙක් කිසිදු ගෙවීමක් කර නැහැ”
 
කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් පැවසුවේ ඔවුන් කීඩෑ හානියට වන්දි නොගෙවන බවත්, ගංවතුරෙන්, නියගයෙන්, ගින්නෙන්, වල් අලි හානිවලට  පමණක් වන්දි ගෙවන බවත්ය. 
 
මේ සම්බන්ධයෙන් අප ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර කොමසාරිස් අසංක සෝමවංශ මහතා ගෙන් කළ විමසීමේදී හෙතෙම මෙසේ පැවසීය. 
 
“මෙවර මහ කන්නයේ ජලය නිසි පරිදි ලැබීම නිසා වී අස්වැන්න සරුවුණා. සමහර කුඹුරුවල ගොයම් පැසුනත් ලියදිවල ජලය තිබුණා. මේ නිසා කීඩෑවන් ගොයමට බෝ වුණා.

අපි ගොවි මහත්වරුන්ට උපදෙස්දුන්නා ගොයම හොඳට දෙපැත්තට පීරලා කෘමි නාශක යොදන්න කියලා. සමහර ගොවි මහත්වරු ඒ උපදෙස් පිළිපැද්දේ නැහැ. ගොයමට උඩින් කෘමි නාශක යෙදුවට වැඩක් නැහැ. කීඩෑවා ඉන්නේ ගොයම් ගසේ මුල සිට අගල් දෙක තුනක් උඩ නිසා.  ඒනිසා කිඩෑවා විනාශ වුණේ නැහැ. කීඩෑ උවදුර වැඩිවුණා.”

 



අදහස් (0)

අ’පුර කුඹුරු අක්කර 2000ක් කීඩෑ උවදුරෙන් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site