(අතුල බණ්ඩාර)
අනුරාධපුර මහනගර සභාව යටතේ පාලනය වන නගරයේ "නිසල නිම්නය" පොදු සුසාන භුමියේ ආදාහනාගාරය ඉකුත් සිකුරාදා (03) හදිසියේ අක්‍රිය වීම නිසා කොරෝනා වසංගතයෙන් මියයන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කිරීම ප්‍රමාද වී තිබේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මේ නිසා රෝහලේ මෘතශරීරාගාරයේ තබා තිබෙන කොරෝනා මළසිරුරු සංඛ්‍යාව දවසින් දවස වැඩිවෙන බවයි.
අනුරාධපුර මහා නගර සභාවේ ආදාහනාගාරයේ දෛනිකව ආදාහනය කෙරෙන කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළයාම නිසා , අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන පණ්ඩුලගම ආදාහනාගාරයද කොරෝනා මරණ ආදාහනය කිරීම සදහා මෑතක සිට යොදාගැනේ.
නමුත් එහි දිනකට ආදාහනය කළ හැකි දේහයන් සංඛ්‍යාව හයකට සීමාවීම නිසා,එම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවන් මියගිය පසු ඔවුන්ගේ දේහයන් ආදාහනය කිරීමට ප්‍රමුඛතාව ලබාදීමට සිදුවී තිබීම හේතුවෙන් බොහෝවිට කොරෝනා මරණ තුනක් හෝ හතරකට වඩා ආදාහනය කිරීමට නොහැකිවී ඇතැයි මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශකයෙක් පැවසිය.
පණ්ඩුලගම ආදාහනාගාරයේ පැවැත්ම උදෙසා ලැබී තිබෙන උපදෙස් අනුව එක් දේහයක් ආදාහනය කර පය තුනක් ගතවෙන තුරු තවත් දේහයක් ආදාහනය නොකරණ බව කි එම ප්‍රකාශකයා,ඒ අනුව දිනකට දේහයන් හයකට වඩා ආදාහනය නොකරණ බව සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අ‘පුර ආදාහනා ගාරයේ යාන්ත්‍රික දෝෂයක්:කොරෝනා සිරුරු ගොඩ ගැසේ