(රංජිත් රාජපක්ෂ )
බගවන්තලාව නගරයේ පිහිටි ආපන ශාලා , තොග සිල්ලර වෙළදසැල්, සහ බේකරි රැසක් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් අද (17) හදිසි පරික්ෂාවය ලක් කරනු ලැබුහ.
එළඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගිකයන්ට ගුණාත්මක සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පාන ලබාදිමේ අරමුණින් හැටන් ,බගවන්තලාව , මස්කෙලිය ,කොටගල , තලවකැලේ ලිදුල නගර සභාව, ගිනිගත්හේන , කොත්මලේ ,යන මහජන සෞඛ්‍යය පරික්ෂක කාර්යයාලවලට අයත් මහජන පරික්ෂකවරුන් මෙම හදිසි පරික්ෂාව සිදු කළහ.
මෙම හදිසි පරික්ෂාවේදි අපිරිසිදුව ආපන ශාලා පවත්වාගෙන ගිය ආපනශාලා හිමියන් සහ සිල්ලර වෙළදසැල් රැසක් නිතියේ රැහැනට කොටුකරගත් අතර ඔහුන්ට එරෙහිව ආහාර පනත යටතේ නෛතික පියවර ගන්නා බව වැටලිමට සහභාගි වු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සඳහන් කළහ.
අඩුපාඩුකම් රැසක් සහිතව ආපන ශාලා සහ සිල්ලර වෙළදසැල් පවත්වාගෙන ගිය ආපන ශාලා හිමියන් සහ වෙළදසැල් හිමියන්ට එම අඩුපාඩුකම් සපුරා ගැනිම සදහා දින 14 කාලයක් ලබාදුන් අතර එම කාලය තුලදි හදුනාගත් අඩුපාඩුකම් සපුරා යලිත් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්ට පෙන්විය යුතුය.
එසේ නොකරන ආපන ශාලා හිමියන් සහ වෙලදසැල් හිමියන්ට එරෙහිව නෛතික පියවර ගන්නා බව ඔවුහු සඳහන් කළහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අපිරිසිදු වෙළෙඳසැල්වලට නඩු