(ඩී. ජී. සුගතපාල)
දකුණ සහ බස්නාහිර පළාත්වල අපරාධ රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලියක සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම පොලිස් වසමේ හාමිංගල සහ දෙහිහේන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
ගාල්ල පේදුරුවෙල හන්දියේදී පොලිස් නිලධාරින් විසින් සැකකටයුතු යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේදී එය ඉකුත් අළුත්ගම නගරයේදී සොරකම් කරන ලද එකක් බවට අනාවරණය වී ඇත. සැකකරුගේ ප්‍රකාශ අනුව අනෙක් සැකකරුද අත්අඩංගුවට ගෙන ඇත.
සොරකම් කරන ලද යතුරුපැදි තුනක්ද, සොරකම් කරන ලද පෙර ගෙවුම් කාඩ්පත් තොගයක්ද කොල්ලකන ලද රන් මාලයක් ද පොලිසිය සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුට බද්දෙගම ඇල්පිටිය සහ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණවල විවෘත වරෙන්තු තිබෙන බවත් අනාවරණය වී තිබේ.
මෙම අපරාධවලට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය පැවසීය.
සැකකරුවන් අද (12) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අපරාධ රැසකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට