(දියතලාව - ඩී.කේ.රත්න)
තණමල්විල නගරයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කළ පුද්ගලයන් හතරදෙනෙකු තණමල්විල ප්‍රදේශයේදී අද (16) ගිනි අවි තුනක් ගිනිඅවිවලට යොදන ජීව උණ්ඩ දෙකක් සහ යතුරුපැදි දෙකක් සමග අත්අඩංගුවට ගෙන ඇතයි තණමල්විල පොලීසිය පවසයි.
තණමල්විල සූරියආර කුමාරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක සහ 24ක තරුණයන් දෙදෙනෙකුද, තණමල්විල ගගේයාය පදිංචි වයස අවුරුදු 28ක සහ 25ක තරුණයන් දෙදෙනෙකුද තණමල්විල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේදී ඔවුන් ලග තිබී මෙරට නිෂ්පාදිත මිලිමීටර් නවය වර්ගයේ රිවෝල්වරයක් බෝර 12 ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 බටය කපන ලද ගිනි අවියක්, මිලිමීටර් නවය රිවෝල්වරයට යොදන ජීව උණ්ඩ දෙකක් සහ යතුරුපැදි දෙකක්ද තණමල්විල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
තණමල්විල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.එස්.පනාවෙල මහතාගේ උපදෙස් පරිදි තණමල්විල පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
236
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපරාධවලට සම්බන්ධ තරුණයන් සිව්දෙනෙකු ගිනි අවි සමග අත්අඩංගුවට